අව්රුකන් යනු උතුරු ඕස්ට්‍රේලියාවේ කුඩා නගරයකි – එහි ආදිවාසී ජනගහනය ගෝත්‍ර හතකින් සමන්විත වේ. ශතවර්ෂයකට පෙර ශුභාරංචිය අව්රුකන් වෙත පැමිණි නමුත් “ඇසට ඇස” පළිගැනීම සමහර අවස්ථාවලදී පැවතුණි. 2015 දී, වංශ අතර ආතතීන් වර්ධනය වූ අතර, මිනීමැරුමක් සිදු වූ විටදී, ආපසු පළිගැනීම සඳහා වැරදිකරුගේ පවුලෙන් කෙනෙකු මිය යාමට අවශ්‍ය විය.

නමුත් 2016 මුල් කාලයේදී කැපී පෙනෙන දෙයක් සිදු විය. අව්රුකන් වැසියන් යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ සෙවීමට පටන් ගත්හ. එහි ප්‍රතිඵලය වශයෙන් පසුතැවීම, පසුව සමූහ බව්තීස්මය සිදුවෙමින් පිබිදීම නගරය පුරා පැතිරීමට පටන් ගත්හ. මිනිසුන් කෙතරම් ප්‍රීති වුවාද කිවහොත් ඔවුන් වීදිවල නැටූ අතර, ආපසු පළිගැනීම වෙනුවට ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ අය විසින් වරද කළ වංශයට සමාව දුන්හ. වැඩි කල් යන්නට මත්තෙන්, 1,300 ක පමණ ජනගහනයක් සිටින නගරයක, සෑම ඉරුදිනකම මිනිසුන් 1,000 ක් දේවස්ථානයේ සිටියහ!

හෙසකියාගේ කාලයේ සෙනඟ ප්‍රීතියෙන් දෙවියන්වහන්සේ වෙත ආපසු පැමිණි විටදීත් (2 ලේකම් 30) සහ දහස් ගණන් පසුතැවිලි වූ පෙන්තකොස්ත දිනයේ දීත් (ක්‍රියා 2:38-47), මෙන්, ශුද්ධ ලියවිල්ලේ මෙවැනි පිබිදීම් අපි දකින්නෙමු. පිබිදීම, දෙවියන්වහන්සේගේ කාලය තුළ සිදුවන උන්වහන්සේගේ කාර්යක් වන අතර, ඉතිහාසයේ මෙය පෙන්නුම් කරන්නේ, යාච්ඤාව ඊට පෙරටුව ගමන් කරන බවයි. “මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත්වී යාච්ඤාකර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත්” දෙවියන්වහන්සේ සාලමොන්ට පැවසුවේ, “ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුවකරන්නෙමි” (2 ලේකම් 7:14) කියාය.

පිබිදීම තුළින් නගරයකට ප්‍රීතිය හා සංහිඳියාව ගෙන එන බව අව්රුකන් වැසියන් සොයා ගත් පරිදි. අපේම නගරවලට එවැනි පරිවර්තනයක් අවශ්‍ය වන්නේ කෙසේද! පියාණෙනි, අපටත් පිබිදීමක් ගෙන දුන මැනව.