කෑමක් පිළියෙළ කරන අතරතුර, තරුණ මවක් එය විශාල භාජනයකට දැමීමට පෙර මස් කුට්ටිය භාග දෙකකට කපන ලදී. ඇගේ ස්වාමිපුරුෂයා මෙසේ කිරීමට හේතුව ඇයගෙන් ඇසූවේය. ඇය පිළිතුරු දුන්නේ, “මගේ අම්මා එසේ කරන නිසා” යනුවෙනි.

කෙසේ වෙතත් ඇගේ සැමියාගේ ප්‍රශ්නය කාන්තාවගේ කුතුහලයට හේතු විය. එබැවින් ඇය මෙම සම්ප්‍රදාය ගැන ඇගේ මවගෙන් විමසුවාය. තම මව විසින් මස් එසේ කපන ලද්දේ එය පිළියෙළ කිරීම සඳහා භාවිතා කළ භාජනය කුඩා වූ නිසාය. මවගෙන් ලැබූ මෙම පිළිතුර දුවව පුදුමයට පත් කළාය. ඇගේ දුවට විශාල භාජන රාශියක් තිබූ නිසා මස් කැපීමේ ක්‍රියාව අනවශ්‍ය විය.

බොහෝ සම්ප්‍රදායන් අවශ්‍යතාවයෙන් ආරම්භ වන නමුත් ඒවා සැකයකින් තොරව ක්‍රියාත්මක වන අතර – එය “අපි කරන ආකාරය” බවට පත්වේ. මනුෂ්‍ය සම්ප්‍රදායන් තදින් අල්ලාගෙන සිටීමට අවශ්‍ය වීම ස්වාභාවිකය — ඵරිසිවරුන්ගේ කාලයේද එය කරමින් සිටි දෙයක් විය. ඔවුන්ගේ ආගමික නීතියක් කඩ කිරීම වැනි දෙයක් නිසා ඔවුන්ගේ සිත් කලබලට පත් විය (මාර්ක් 7:1-5).

යේසුස්වහන්සේ ඵරිසිවරුන්ට පැවසූ පරිදි, “නුඹලා දෙවියන්වහන්සේගේ ආඥාව හැරදමා මනුෂ්‍යයන්ගේ නියෝග රක්ෂා කරන්නහුයයි කී සේක” (8 පදය). සම්ප්‍රදායන් කිසි විටෙකත් ශුද්ධ ලියවිල්ලේ ප්‍රඥාව වෙනුවට ආදේශ නොකළ යුතු බව උන්වහන්සේ හෙළි කළ සේක. දෙවියන්වහන්සේව අනුගමනය කිරීමට ඇති සැබෑ ආශාව (6-7 පද) බාහිර ක්‍රියාවලට වඩා අපගේ හදවතේ ආකල්පය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

සම්ප්‍රදායන් නිරන්තරයෙන් ඇගයීමට ලක් කිරීම හොඳ අදහසකි – එනම්, ආගමිකව අනුගමනය කරන සහ අපේ හදවතට සමීපව තිබෙන ඕනෑම දෙයක් ඇගයීමට ලක් කළ යුතුයි. සැබවින්ම අවශ්‍ය බව දෙවියන්වහන්සේ හෙළි කර ඇති දේවල් සෑම විටම සම්ප්‍රදායන් අභිබවා යා යුතුය.