තම පිරිමි දරුවන්ව හදා වඩා ගත් රුසියානු අනාථ නිවාසයේ ඇති බියකරු නිශ්ශබ්දතාවය නිරීක්ෂණය කිරීමෙන් පසුව කර්තෘ සහ දේවධර්මාචාර්ය රසල් මුවර් මෙසේ විස්තර කළේය. ඔවුන් හැඬුවාට කිසිවකු ප්‍රතිචාර නොදක්වන බව දැනගත් නිසා ළදරුවන් හැඬීම නැවැත්වූ බව යමෙක් පැහැදිලි කළේය.

අපි දුෂ්කර කාලවලට මුහුණ දෙන විට, කිසිවෙකු අපට ඇහුම්කන් නොදෙන බව අපටත් දැනෙන්නට පුළුවනි. නමුත්, වඩාත් දරුණු දෙය වන්නේ දෙවියන්වහන්සේ අපගේ මොරගැසීමට ඇහුම්කන් නොදෙන බව හෝ අපගේ කඳුළු නොදකින බව හෝ අපට හැඟීමය. නමුත් උන්වහන්සේට අපගේ මොරගැසීම් ඇසෙන අතර අපගේ කඳුළු උන්වහන්සේට පෙනෙන සේක! විශේෂයෙන්ම ගීතාවලිය පොතේ ඇති කන්නලව් සහ විරෝධයන් පිළිබඳ භාෂාව අපට අවශ්‍ය වන්නේ එම නිසාය. ගීතිකාකරු දෙවියන්වහන්සේගේ උපකාරය ඉල්ලා සිටින අතර ඔවුන්ගේ තත්ත්වය ගැන උන්වහන්සේට විරෝධය පළ කරයි. ගීතාවලිය 61 හි, දාවිත් තම මැවුම්කරුවාණන් ඉදිරියට ඔහුගේ කන්නලව් සහ විරෝධතා ගෙන එන්නේය, “මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව” (2 පදය). දාවිත් දෙවියන්වහන්සේට මොරගසන්නේ උන්වහන්සේ පමණක් ඔහුගේ “රක්ෂස්ථානය” සහ “බලකොටුවද” බව දන්නා බැවිනි (3 පදය).

ගීතාවලියේ කන්නලව් සහ විරෝධතා යාච්ඤා කිරීමෙන් දෙවියන්වහන්සේගේ පරමාධිපත්‍යය තහවුරු කිරීම, උන්වහන්සේගේ යහපත්කම සහ විශ්වාසවන්තකමට ආයාචනා කිරීමේ මාර්ගයකි. ඒවා දෙවියන්වහන්සේ සමඟ අපට අත්විඳිය හැකි සමීප සබඳතාවයේ සාක්ෂි වෙති. දුෂ්කර අවස්ථාවන්හිදී, උන්වහන්සේ අපව නොසළකන්නේය යන බොරුව විශ්වාස කිරීමට අප සැම පෙලඹිය හැකිය. නමුත් අපගේ දුෂ්කර අවස්ථාවන් උන්වහන්සේ ගණන් ගන්නා සේක. නමුත් උන්වහන්සේට අපගේ හඬ ඇසෙනවා සේම, උන්වහන්සේ අප සමඟ සිටින සේක.