ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන සංගීතඥයෙක් “යේසුස්වහන්සේ ගැන කතා කිරීම නවත්වන්න” යැයි ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවක් ගැන සම්මුඛ සාකච්ඡාවකදී, සිහිපත් කරයි. මන්ද? ඔහුගේ සෑම දෙයක්ම යේසුස්වහන්සේ බව පැවසීමේ ඔහුගේ කාර්ය නතර කළ හොත් ඔහුගේ සංගීත කණ්ඩායම වඩාත් ප්‍රසිද්ධියට පත් විය හැකි අතර දුප්පතුන්ට ආහාර සැපයීම සඳහා තවත් මුදල් එකතු කළ හැකි බවටද එහිදී යෝජනා විය. එය හොඳින් සිතා බැලීමෙන් පසු, ඔහු තීරණය කළේ, “මගේ සංගීතයේ සමස්ත කාරණය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇති මගේ ඇදහිල්ල බෙදා ගැනීමයි…. මම කිසිම ආකාරයකින් නිහඬව නොසිටිමි” කියා ඔහු තීරණය කළේය. ඔහු තවදුරටත් පැවසුවේ ඔහුගේ “දැවෙන කැඳවීම නම්, යේසුස්වහන්සේගේ පණිවිඩය බෙදාගැනීමයි” කියාය.

බොහෝ තර්ජනාත්මක තත්ත්වයන් යටතේ, අපෝස්තුළුවරුන්ටද ඒ හා සමාන පණිවිඩයක් ලැබුණි. ඔවුන්ව සිරගත කරන ලද නමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔවුන්ගේ නව ජීවිතය අන් අයට ප්‍රකාශ කරන ලෙසට පැවසූ දේවදූතයෙකු විසින් ආශචර්යමත් ලෙස ඔවුන්ව මුදා හරින ලදී (ක්‍රියා 5:19-20). අපෝස්තුළුවරුන්ගේ ගැළවී යාම සහ ඔවුන් තවමත් ශුභාරංචිය ප්‍රකාශ කරන බව ආගමික නායකයන් දැනගත් විට, “මේ නාමයෙන් නූගන්වන්ට නුඹලාට තදින් ආඥා කෙළෙමුව” කියා ඔවුන් අපෝස්තුළුවරුන්ට තරවටු කළේය (28 පදය).

ඔවුන්ගේ පිළිතුර වූයේ, “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුයි!” යන්නයි (29 පදය). එහි ප්‍රතිඵලයක් වශයෙන්, නායකයන් අපෝස්තුළුවරුන්ට කස පහර දුන් අතර “යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට” අණ කළහ (40 පදය). යේසුස්වහන්සේගේ නාමය වෙනුවෙන් දුක් විඳීමට තමන් සුදුසු වීම ගැන අපෝස්තුළුවරුන් ප්‍රීති වූ අතර, “දවස්පතාම . . ඉගැන්වීමෙන් ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනා කිරීමෙන්ද නොනැවතුණෝය” (42 පදය). ඔවුන්ගේ ආදර්ශය දිගටම අනුගමනය කිරීමට දෙවියන්වහන්සේ අපටත් උපකාර කරන සේක්වා!