යෝජනාව හොඳ බව පෙණුනු අතර, පීටර්ට අවශ්‍ය වූයේද එයයි. සේවයෙන් ඉවත් වීමෙන් පසු, තරුණ පවුලක එකම උපයන්නා වූ ඔහු රැකියාවක් ඉල්ලා ඉතා ඕනෑකමින් යාච්ඤා කර ඇත. “ඇත්තෙන්ම මෙය ඔබගේ යාච්ඤාවලට දෙවියන්වහන්සේගේ පිළිතුරයි,” ඔහුගේ මිතුරන් යෝජනා කළහ.

කෙසේ වෙතත්, අනාගත සේවායෝජකයා ගැන කියවන විට, පීටර්ට නොසන්සුන් බවක් හැඟී ගියේය. සමාගම සැක කටයුතු ව්‍යාපාරවල ආයෝජනය කර තිබු අතර දූෂණයටද ලක්ව තිබුණි. අවසානයේදී පීටර් එය ප්‍රතික්ෂේප කළේ සිතේ වේදනාව ඇතුවයි. “දෙවියන්වහන්සේ මා හරි දේ කරනවාට කැමති බව මම විශ්වාස කරමි” යි ඔහු මා සමඟ බෙදා ගත්තේය. “උන්වහන්සේ මට සපයනු ඇතැයි මම විශ්වාස කළ යුතු වන්නෙමි.”

දාවිත්ට, සාවුල්ව ගුහාවක මුණගැසුණු ආකාරය පීටර්ට මතක් විය. තමාව දඩයම් කිරීමට සිතන මනුෂ්‍යා මරා දැමීමට නියම අවස්ථාව ලැබී ඇති බවක් ඔහුට පෙනෙන්නට තිබුණි. නමුත් දාවිත් එයට විරුද්ධ විය. “ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන මාගේ ස්වාමියාට විරුද්ධව මේ දේ කිරීමෙන්….. ස්වාමින්වහන්සේ මා වළක්වන සේක්වා” යැයි ඔහු තර්ක කළේය (1 සාමුවෙල් 24:6). සිද්ධීන් පිළිබඳ තමාගේම අර්ථ නිරූපණය සහ උන්වහන්සේගේ උපදෙස්වලට කීකරු වී නිවැරදි දේ කිරීමට පෙන්වා දෙන දෙවියන්වහන්සේගේ ආඥාව අතර වෙනස හඳුනා ගැනීමට දාවිත් ප්‍රවේසම් විය.

සෑම විටම යම් යම් තත්වයන් තුළ “සලකුණු” සෙවීමට උත්සාහ කරනවා වෙනුවට, අප ඉදිරියේ ඇති දේ අවබෝධ කර ගැනීමට ප්‍රඥාව සහ මඟ පෙන්වීම සඳහා අපි දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සත්‍යය දෙස බලමු. උන්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කිරීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.