මගේ පියාගේ ජීවිතයේ අවසාන දින කිහිපයේදී, එක් හෙදියක් ඔහුගේ කාමරය අසලට පැමිණ, ඔහුගේ රැවුල කපන්නද කියා මගෙන් ඇසුවාය. රේචල් නම් හෙදිය, මගේ පියාගේ මුහුණ හරහා රේසරය ගෙන යද්දී ඇය පැහැදිලි කළේ, “පියාගේ පරම්පරාවේ වැඩිහිටියන් දිනපතා පිළිවෙළකට රැවුල කපන්න කැමතියි” කියාය. මෙම හෙදිය අවශ්‍යතාවයක් දැක, යමෙකුට කරුණාව, ගරුසරු බව සහ ගෞරවය දැක්වීමට ඇගේ සහජ බුද්ධිය මත ක්‍රියා කළාය. ඇය ලබා දුන් මුදු මොළොක් සත්කාරය මට මගේ මිතුරිය ජූලීව මතක් කළේය. ජූලි, තමන්ගේ වයසට ගිය මවගේ නියපොතු තවමත් පින්තාරු කරයි. මෙය කරන්නේ ඇගේ මවට “ලස්සන පෙනුමක්” වැදගත් වන බැවිනි.

ක්‍රියා 9 දී අපට පවසන්නේ දුප්පතුන්ට අතින් සාදන ලද ඇඳුම් ලබා දීමෙන් කරුණාව පෙන්වූ දොර්කස් (තබිතා ලෙසද හැඳින්වේ) නම්වූ ඇදහිලිවන්තියක් ගැනය (36, 39 පද). ඇය මිය යන විට, ඇගේ කාමරය පිරී ගියේ අන් අයට උපකාර කිරීමට ආදරය කරන මෙම කරුණාවන්ත කාන්තාව ගැන කඳුළු සලමින් වැලපෙන මිතුරන්ගෙන් ය.

නමුත් දොර්කස්ගේ කතාව එතැනින් අවසන් වූයේ නැත. ඇගේ දේහය තැන්පත් කළ ස්ථානයට පේදුරු පැමිණි විට, ඔහු දණින් වැටී යාච්ඤා කළේය. දෙවියන්වහන්සේගේ බලයෙන්, ඔහු ඇයට නමින් කතා කරමින්, “තබිතා, නැඟිටින්න” යනුවෙන් කීවේය (40 පදය). පුදුමයකට මෙන් දොර්කස් දෑස් විවර කර දෙපයින් නැඟී සිටියාය. ඇය ජීවතුන් අතර සිටින බව ඇගේ මිතුරන්ට වැටහුණු විට, මෙම පුදුම ක්‍රියාව ගැන නගරය පුරා වේගයෙන් පැතිර ගිය අතර, “බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය” (42 පදය).

දොර්කස්, ඇගේ ජීවිතයේ පසු දිනය ගත කළේ කෙසේද? බොහෝ විට ඇය පෙර සිටි ආකාරයටම මිනිසුන්ගේ අවශ්‍යතා දකිමින් සහ ඒ අවශ්‍යතාවයන් සපුරා දෙමින් විය හැකිය.