දුම්රියක් හරි රේල් පීල්ලට ඇතුල් කරගන්නේ කෙසේද කියා ජැක් දැනගෙන සිටියේය. වසර නවයක සේවයේ දී, දකුණු අප්‍රිකාවේ උයිටෙන්හේජ් දුම්රිය ස්ථානය අසළට ඇඳුනු දුම්රිය වල නලාවේ ශබ්දය අනුව, දුම්රියන් යා යුතු ධාවන පථයක් ඔහු කිසි විටෙකත් අතපසු කළේ නැත.

ජැක් චක්මා බැබූන් වර්ගයේ සතෙකි. දුම්රිය දෙපාර්තුමේන්තුවේ සංඥාකරු ජේම්ස් වයිඩ් විසින් ඌව රැක බලා ගන්නා ලදී. එසේම, ජැක් විසින් ජේම්ස් ගැනද සැලකිලිමත් විය. වේගයෙන් ධාවනය වන දුම්රිය මැදිරි අතරට වැටීමෙන් වයිඩ්ට පාද දෙකම අහිමි විය. ඔහු ජැක්ව පුහුණු කළේ නිවස වටා ඇති කාර්යයන් සඳහා ඔහුට උපකාර කිරීමටය. එලෙසම, ඉක්මනින්ම ජැක් ඔහුට රැකියාවේදීද සහාය වූ අතර, එන දුම්රියවල සංඥාවලට ඒවායේ පීලි සඳහා සුදුසු ලීවරයන් ඇද ප්‍රතිචාර දක්වන ආකාරයද ඉගෙන ගත්තේය.

පුදුමාකාරයෙන් කෙනෙකුට උදව් කළ තවත් සතෙකු ගැන බයිබලයේ සඳහන් කර ඇත. එනම්, බාලාම්ගේ බූරුවාය. බාලාම් යනු ඊශ්‍රායෙල්වරුන්ට හානි කිරීමට බලාගෙන සිටි රජෙකුට සේවය කරමින් සිටි මිථ්‍යාදෘෂ්ටික අනාගතවක්තෘවරයෙකි. බාලාම් රජුට සහය වීමට තම බූරුවා පිට නැඟ යන අවස්ථාවේදී, “ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක”. ඌ බාලාම්ට කතා කළේය (ගණන් කථාව 22:28). දෙවියන්වහන්සේ බූරුවාගේ කථාව තුළින් බාලාම්ගේ ඇස් විවෘත කළ සේක (31 පදය), බාලාම්ට ආසන්න අනතුරක් ගැන අනතුරු අඟවා උන්වහන්සේගේ සෙනඟට හානි කිරීමෙන් ඔහුව වළක්වන ලදී.

දුම්රිය දෙපාර්තමේන්තුවේ බැබුන් කෙනෙක්ද? කතා කරන බූරුවෙක්ද? ඇයි නැත්තේ? හොඳ අරමුණු සඳහා මෙම විස්මිත සතුන්ව දෙවියන්වහන්සේට භාවිතා කළ හැකි නම් උන්වහන්සේට ඔබවත් මාවත් භාවිතා කළ හැකි බව විශ්වාස කළ හැක. උන්වහන්සේ දෙස බලා උන්වහන්සේගේ ශක්තිය සොයමින් අප සිතුවාට වඩා බොහෝ දේ ඉටුකර ගත හැක.