නොසන්සුන් ආත්මය කිසි විටෙකත් ධනයෙන් හා සාර්ථකත්වයෙන් තෘප්තිමත් නොවේ. මියගිය සංගීතඥයෙකුට මෙම සත්‍යයට සාක්ෂි දිය හැකිය. ඔහුගේ ඇල්බම හතළිහකට ආසන්න ප්‍රමාණයක් ලොව පුරාම ප්‍රසිද්ධ වී තිබුණි. නමුත් ඔහු විවාහ කිහිපයක් කරගෙන තිබුණ අතර සිරගතවද කාලය ගත කළේය. ඔහුගේ සියලු ජයග්‍රහණ සමඟ වුවද, ඔහු වරක් විලාප නැගීය : “මගේ ආත්මය තුළ මා කිසිදා ජය නොගත් නොසන්සුන්තාවයක් ඇත, චලනය තුළින්වත්, විවාහය තුළින්වත් හෝ ජීවිතයේ අර්ථය සොයමින්වත්, ඒ කිසි දෙයකින්වත් නොවේ. එය තවමත් යම් මට්ටමක පවතී. එය මගේ මරණය දක්වා පවතිනු ඇත”. කනගාටුවට කරුණක් නම්, ඔහුගේ ජීවිතය අවසන් වීමට පෙර ඔහුගේ ආත්මය තුළ විවේකය ලබාගත හැකිව තිබුණත් එය ලබා ගත නොහැකි වීමය.

පාපයේ වෙහෙස මහන්සි වී එහි විපාකවලින් වෙහෙසට පත් වූ මෙම සංගීතඥයා වැනි සියලු දෙනාටම යේසුස්වහන්සේ පෞද්ගලිකව තමන් වෙත පැමිණෙන ලෙස මෙසේ ආරාධනා කරන සේක: “මා වෙතට එන්න” යයි උන්වහන්සේ පවසන සේක. යේසුස්වහන්සේ තුළ අප ගැළවීම ලැබූ විට, උන්වහන්සේ අපගේ බර ඉවත් කර “මම නුඹලාට සහනය දෙමි” (මතෙව් 11:28) යයි පවසන සේක. එකම අවශ්‍යතාව වන්නේ උන්වහන්සේව විශ්වාස කිරීම සහ උන්වහන්සේ සපයන බහුල ජීවිතය ගත කරන්නේ කෙසේදැයි උන්වහන්සේගෙන් ඉගෙන ගැනීමයි (යොහන් 10:10). යේසුස්වහන්සේගේ අනුගාමිකත්වයේ වියගහ භාරගැනීමේ ප්‍රතිඵලය වන්නේ “(අපගේ) ආත්මවලට සහනය ලැබෙන” බවයි (මතෙව් 11:29).

අපි, යේසුස්වහන්සේ වෙතට පැමිණෙන විට, දෙවියන්වහන්සේට අපගේ වගවීම උන්වහන්සේ සංක්‍ෂිප්ත කරන්නේ නැත. උන්වහන්සේ තුළ ජීවත් වීමට නව සහ බර අඩු මාර්ගයක් ලබා දීමෙන් උන්වහන්සේ අපගේ නොසන්සුන් ආත්මයන්ට සාමය ලබා දෙන සේක. උන්වහන්සේ අපට සැබෑ විවේකය ලබා දෙන සේක.