ඇන්ඩෘ සහ ඔහුගේ පවුලේ අය කෙන්යාවේ සෆාරියක් සඳහා ගිය විට, එක් ස්ථානයක කුඩා විලකට විවිධ සතුන් නිතර යන ආකාරය නැරඹීමේ සතුටක් ඔවුන්ට ලැබුණි. ජිරාෆ්, විල්ඩබීස්ට් (දිගු හිසක්, රැවුලක් සහ මඤ්ඤයක් සහ පිටුපස බෑවුමක් සහිත විශාල අඳුරු අප්‍රිකානු ඇන්ටිලොප් වර්ගයක්), හිපපොටේමස් සහ ජල කුරුල්ලන් යන සියලු දෙනා මෙම ජීවනදායක ජල මූලාශ්‍රය වෙත ගමන් කළහ. ඇන්ඩෘ උන්ගේ පැමිණීම් සහ පිටවවීම් නිරීක්ෂණය කරන විටදී, “බයිබලය යනු දිව්‍යමය ජලය සහිත විලක්” වන්නේ කෙසේදැයි ඔහුට සිතුණි – බයිබලය මඟ පෙන්වීමේ සහ ප්‍රඥාවේ උල්පතක් පමණක් නොව, එය සෑම තරාතිරමකම මිනිසුන්ට ඔවුන්ගේ පිපාසය සංසිඳුවා ගත හැකි ප්‍රබෝධමත් ක්ෂේම භූමියක් ද වේ.

ඇන්ඩෘගේ නිරීක්ෂණය ප්‍රතිරාවය කළේ මිනිසුන් පැරණි ගිවිසුමේ උන්වහන්සේගේ උපදෙස් සහ ආඥා විස්තර කිරීමට භාවිතා කරන යෙදුමක් වන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ප්‍රීති වන විට සහ මෙනෙහි කරන විට “ආශිර්වාද ලත්” ලෙස හැඳින්වූ ගීතිකාකරුයි, දේව වචනය ගැන මෙනෙහි කරන අය “දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැළවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය” (ගීතාවලිය 1:3). ජලය සොයා ගැනීමට ගසක මුල් පසට බැස යන්නාක් මෙන්, දෙවියන්වහන්සේ කෙරෙහි සැබවින්ම විශ්වාස කරන සහ ප්‍රේම කරන සෙනඟ දේව වචනය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඔවුන්ට අවශ්‍ය ශක්තිය සොයා ගන්නෝය.

උන්වහන්සේගේ ප්‍රඥාවට අප යටත් වීමෙන් අපගේ අත්තිවාරම් උන්වහන්සේ තුළ තැන්පත් කර ගන්නෙමු. අපි “සුළඟින් විසිර යන බොල් හා සමානව” නොසිටින්නෙමු (4 පදය). දෙවියන්වහන්සේ විසින් බයිබලයෙන් අපට ලබා දී ඇති දේ ගැන අප මෙනෙහි කරන විට, අපගේ කල්පවත්නා ඵල දැරීමට තුඩු දිය හැකි පෝෂණය අපට ලැබේ.