“මට දැනුණේ පාපිස්ස මගේ කකුල යටින් ඇදුණා වගේ” යයි ජෝජි පැවසීය. “එය සොයාගැනීමෙන් ඇතිවූ කම්පනය සිරුරට වැදුණු පහරක් වැනිය”. ඇගේ පෙම්වතා වෙනත් කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බව ඇය දැන ගත්තාය. ජෝජිගේ පෙර සම්බන්ධයද එලෙසම අවසන් වී තිබුණි. එමනිසා, ඇය පසුව බයිබල් පාඩමකදී දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන ඇසූ විට, ඇයගේ සිතට ප්‍රශ්නයක් පැන නැගීම වළක්වා ගැනීමට නොහැකි වුණි : මෙය තවත් වංචාවක්ද? දෙවියන්වහන්සේ මට ප්‍රේම කරන්නේය යන්න මා විශ්වාස කළොත් මට වේදනාවක් ඇතිවෙයිද?

ජෝජි මෙන්, අපත් ආදරය පිළිබඳ යමෙකුගේ පොරොන්දුව විශ්වාස කිරීම ගැන කල්පනාකාරී හෝ බියක් ඇති කරවන ගැටළුකාරී සබඳතා අත්විඳ ඇත්තෙමු. අල්ලා ගැනීමේ උපාය කොහිදැයි සිතමින් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැන අපටද මේ ආකාරයෙන් දැනෙන්නට පුළුවන. කෙසේ වෙතත්, අල්ලා ගැනීමක් නොමැත. එයට හේතුව “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය” යනුවෙන් බයිබලයේ කියා තිබෙන හෙයිනි (රෝම 5:8).

“අවසානයේදී, දෙවියන්වහන්සේ මා වෙනුවෙන් මිය යාම මගින් උන්වහන්සේගේ ප්‍රේමය දැනටමත් ඔප්පු කර ඇති බව මට වැටහුණි” යයි ජෝජි පවසයි. අපගේ පව්කාර තත්ත්වය අපව දෙවියන්වහන්සේගෙන් වෙන් කළ බැවින්, දෙවියන්වහන්සේ, අප වෙනුවෙන් මිය යාමට යේසුස්වහන්සේ ලබා දෙමින් අප වෙත ළඟා වූ බව මගේ මිතුරිය සොයා ගත්තාය (රෝම 5:10; 1 යොහන් 2:2). මේ නිසා, අපගේ පව්වලට සමාව ලැබී ඇති අතර, අපට උන්වහන්සේ සමඟ සදාකාලිකත්වය අපේක්ෂා කළ හැකිය (යොහන් 3:16).

අපට දෙවියන්වහන්සේගේ ප්‍රේමය සැබවින්ම විශ්වාස කළ හැකිද කියා අප කල්පනා කරන සෑම විටම, ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේදී අප වෙනුවෙන් කළ දේ සිහිකරමු. උන්වහන්සේගේ විශ්වාසවන්ත බව දැන දැනම අපට උන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ පොරොන්දුව විශ්වාස කළ හැක.