මම මෑතකදී මයිකල් ඈන්ජලෝගේ මූර්තියක මෝසෙස්ගේ ඡායාරූපයක් දුටුවෙමි, මෙම මූර්තිය ළඟින් සෝදිසි කළ අවස්ථාවේදී මෝසෙස්ගේ දකුණු අතේ කුඩා ඉදිමීමක් පෙනෙන්ට තිබුණි. මෙම මාංශ පේශී “extensor digiti minimi” එක්ස්ටෙන්සර් ඩිජිටි මිනිමි යනු අතේ පිහිටා ඇති දිගු සිහින් අස්ථි මාංශ පේශිය. කෙනෙක් තමාගේ සුළැඟිල්ල ඔසවද්දී මෙය සංකෝචනය වී පෙනෙන්නේය. මයිකල් ඈන්ජලෝ, සංකීර්ණ විස්තරවල ප්‍රවීණයෙකු ලෙස හඳුන්වනු ලබන අතර, ඔහු මූර්තිමත් කරන ලද මිනිස් සිරුරු කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේ අන් සියල්ලන්ටම මග හැරෙන සමීප ලක්ෂණ පවා ඔහු ඒවාට එක් කළේය. මයිකල් ඈන්ජලෝ මිනිස් සිරුර ගැන දැන සිටියේ වෙනත් මූර්ති ශිල්පීන් ටික දෙනෙකුට පමණක් සතුවූ ආකාරයෙනි, නමුත් ඔහු ග්‍රැනයිට් වලට කැටයම් කරද්දී මනුෂ්‍යයාගේ ආත්මය නැතහොත් ඔවුන්ගේ අභ්‍යන්තර ජීවිතය ගැන ගැඹුරින් යමක් හෙළි කිරීමට උත්සාහ කළේය. ඇත්ත වශයෙන්ම, මයිකල් ඈන්ජලෝට සෑම විටම එය අංග සම්පූර්ණව කැටයම් තුළින් විස්තර කිරීමට නොහැකි විය.

මිනිස් හදවතේ ගැඹුරුම යථාර්ථය දන්නේ දෙවියන්වහන්සේ පමණි. අප එකිනෙකා ගැන දකින ඕනෑම දෙයක්, එය කෙතරම් අවධානයෙන් හෝ තීක්ෂණ බුද්ධියෙන් හෝ යුක්ත වුවත්, එය සත්‍යයේ සෙවනැල්ලක් පමණි. නමුත් දෙවියන්වහන්සේ සෙවනැලිවලට වඩා ගැඹුරින් දකින සේක. අනාගතවක්තෘ යෙරෙමියා පැවසුවේ “ස්වාමීන්වහන්ස, ඔබ මා දන්නා සේක” කියාත් එසේම, “ඔබ මා දකින සේක” කියාත්ය (12:3). අප පිළිබඳව වූ දෙවියන්වහන්සේගේ දැනුම අනුමාන හෝ බුද්ධිය මත නොරැඳේ. උන්වහන්සේ දුර සිට අපව නිරීක්ෂණය නොකරන සේක. ඒ වෙනුවට, උන්වහන්සේ අප කවුරුන්ද යන්න පිළිබඳ සැඟවුණු යථාර්ථයන් දෙස බලන සේක. දෙවියන්වහන්සේ අපගේ අභ්‍යන්තර ජීවිතයේ ගැඹුර දනියි. අප අපවම තේරුම් ගැනීමට අරගල කරන දේවල් පවා උන්වහන්සේ දන්නා සේක. අපගේ අරගල හෝ අපගේ හදවත් තුළ කුමක් සිදු වුවද, දෙවියන්වහන්සේ අපව දකින අතර සැබවින්ම අපව හඳුනන සේක.