මගේ මිතුරි අයිරාගේ අලුත් වාර්තා දැක කඳුළු නොහෙලා සිටීමට නොහැකි විය. 2022 දී අන්තර්ජාලයේ මෙම වාර්තාව පළ කරනු ලැබූවේ ඇය යුක්රේනයේ වටලනු ලැබූ අගනුවර වන කීව්හි පිහිටි සිය නිවස හැර ගොස් දින කිහිපයකට පසුවය. එම වාර්තාව බෙදා ගෙන තිබුණේ දිවීමේ ඉසව්වක් සම්පූර්ණ කිරීමෙන් පසු ඇය තම රටේ ධජය ඔසවන අතීත පින්තූරයක්ද සමගය. ඇය මෙසේ ලිවීය, “අපි හැමෝම ජීවිතය නමැති මැරතන් තරඟයට අපේ උපරිමයෙන් දුවන්නෝ වෙමු. මේ දිනවල අපේ හදවත් තුළ කිසිදා මිය නොයන දෙයක් සමඟ ඊටත් වඩා හොඳට දුවමු.” ඊළඟ දිනවලදී, මගේ මිතුරිය එම තරඟය දිගටම දුවන ආකාරය මම දුටුවෙමි. එමෙන්ම, ඇය තම රටේ දුක් විඳින අය වෙනුවෙන් යාච්ඤා කළ යුතු ආකාරය සහ ඔවුන්ට සහාය විය යුතු ආකාරය පිළිබඳව අපට අලුත් වාර්තා ලබා දුන්නාය.

අයිරාගේ වදන් හෙබ්‍රෙව් 12 හි ඇදහිලිවන්තයන්ට “ඉවසිල්ලෙන් දුවමු” (1 පදය) හි සඳහන් වී තිබෙන “කැඳවීමට” නව ගැඹුරක් ගෙනාවාය. එම කැඳවීම ගැන ලියා ඇත්තේ 11 වන පරිච්ඡේදයේ ඇදහිල්ලේ වීරයන්, “මහත් සාක්ෂිකාර සේනාවකින්” (12:1) ඔවුන්ගේ ජීවිත අවදානමේ තිබියදී පවා ධෛර්යය සම්පන්නව, නොපසුබට ඇදහිල්ලෙන් ජීවත් වූ (11:33-38) ආකාරය පිළිබඳ වාර්තාවට පසුවයි. ඔවුන් (පොරොන්දු නොලැබ) “දුරදී ඒවා දැක ප්‍රසන්න වී” (13 පදය), ජීවත් වූයේ කිසිදා නොමැරෙන සදාකාලික දෙයක් සඳහා ය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ෂාලෝම් – එනම්, සමෘද්ධිමත් වීම සහ සාමය – වෙනුවෙන් අප සතු සැමදේ දීම වටියි. එම නිසා යේසුස්වහන්සේ තුළ සිටින සියලුම ඇදහිලිවන්තයන් එම ආකාරයෙන් ජීවත් වීමට කැඳවනු ලබයි. අපව පෝෂණ කරනු ලබන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ආදර්ශය සහ බලය තුළින්ය (12:2-3).