අතට අත දීම, බොහෝ වචන කථා කරයි. 1963 මාර්තු රාත්‍රියක, එක් අයෙකු කළු ජාතික වූ අතර අනෙක් කෙනා සුදු ජාතිකයෙකු වූ විද්‍යාලීය පැසිපන්දු ක්‍රීඩකයන් දෙදෙනෙකු විසින් ජාතීන් වෙන් කරන්නන්ගේ වෛරය නොතකා අතට අත දුන් අතර, ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්ත ඉතිහාසයේ, සම්පූර්ණ සුදු පිරිමි කණ්ඩායම ඒකාබද්ධ කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කළ පළමු අවස්ථාව සනිටුහන් කළේය. ජාතික තරඟාවලියකදී චිකාගෝ හී ලොයෙලා විශ්ව විද්‍යාලයට එරෙහිව “වෙනස්වීමේ ක්‍රීඩාව” සඳහා තරඟ කිරීමට, මිසිසිපි ප්‍රාන්ත කණ්ඩායම ඔවුන්ගේ ප්‍රාන්තයෙන් කළු ජාතික ක්‍රීඩකයින් පිටවීම නැවැත්වීමට කරන ලද වාරණ නියෝගයක් මග හැරියේය. ලොයෙලාගේ කළු ක්‍රීඩකයින්, මේ අතරතුර, වාර්ගික අපවාද විඳදරා ගෙන, පොප්කෝන් සහ අයිස්වලින් ප්‍රහාර ලැබූ අතර, ගමන් කරන විට වසා දැමූ දොරවල්වලට මුහුණ දුන්හ.

එහෙත් තරුණයෝ ක්‍රීඩා කළහ. ලොයෙලා රම්බ්ලර්ස් කණ්ඩායම විසින් බුල්ඩොග්ස් නමින් හඳුන්වන මිසිසිපි ප්‍රාන්ත කණ්ඩායම 61-51ක් ලෙස පරාජය කළ අතර අවසානයේ ලොයලා පැසිපන්දු ජාතික ශූරතාව දිනා ගැනීමට සමත් විය. නමුත්, එදින රාත්‍රියේ සත්‍ය වශයෙන්ම දිනුවේ කුමක්ද? ඒ වෛරයෙන් ප්‍රේමය කරා ගමන් කිරීමයි. එනම්, යේසුස්වහන්සේ ඉගැන්වූ පරිදි, “නුඹේ සතුරන්ට ප්‍රේම කරන්න. නුඹලාට වෛර කරන්නන්ට යහපත කරන්න” යන්නයි (ලූක් 6:27).

දෙවියන්වහන්සේගේ උපදෙස් ජීවිතය වෙනස් කරන සංකල්පයක් විය. ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වූ පරිදි අපගේ සතුරන්ට ප්‍රේම කිරීමට නම්, උන්වහන්සේගේ විප්ලවීය නියෝගයට අප කීකරු විය යුතුය. පාවුල් ලියා ඇති පරිදි, “එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත් වී තිබේ!” (2 කොරින්ති 5:17). නමුත් අප තුළ ඇති උන්වහන්සේගේ නව මාර්ගය පැරණි දේ පරාජය කරන්නේ කෙසේද? ප්‍රේමයෙනි. එවිට, අවසානයේ එකිනෙකා තුළ, අපට උන්වහන්සේව දැකිය හැකිය.