ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ පළමු ඡායාරූපය 1838 දී ලුවී ඩැගුරේ විසින් ගන්නා ලදී. දහවල් කාලයකදී ප්‍රංශයේ පැරිස් නුවරේ හිස් මාවතක රූපයක්, මෙම ඡායාරූපයෙන් නිරූපණය කෙරේ. නමුත් ඒ ගැන පැහැදිලි අභිරහසක් තිබේ; එදින දහවල් කාලයේ අශ්ව කරත්ත සහ පදිකයින්ගේ ගමනාගමනයෙන් වීදිය සහ පදික වේදිකා කාර්යබහුල විය යුතු නමුත්, මෙම ඡායාරූපයේ ඒ කිසිවක් නොපෙනේ.

එම මනුෂ්‍යයා තනිව නොසිටියේය. ඡායාරූපය ගත් ස්ථානය වන කාර්යබහුල වූ බිලවර් ඩි ටෙම්පල් (Boulevard du Temple)  නමැති පැරිසියේ දීර්ඝ මහා මාර්ගය මිනිසුන් සහ අශ්වයන් ගෙන් පිරුණු ජනාකීර්ණ ප්‍රදේශයකි. මෙහි සිටිය යුතු මිනිසුන් හෝ අශ්වයින් හුදෙක් පින්තූරයේ පෙනී සිටියේ නැත. ඡායාරූපය සැකසීමට නිරාවරණ කාලය Daguerreotype – ඩෙගැරෝටයිප් ලෙස හැඳින්වේ) රූපයක් ග්‍රහණය කර ගැනීමට විනාඩි හතක් ගත වූ අතර, එම කාලය තුළ එය චලනය නොවී පැවතිය යුතුය. පෙනෙන හැටියට, පදික වේදිකාවේ සිටි පුද්ගලයා ඡායාරූපයේ සිටි එකම තැනැත්තා වීමට හේතුව වූයේ එම අවස්ථාවේ, ඔහු නිශ්චලව සිටි බැවිනි. ඔහු නිශ්චල වීමට හේතුව පාවහන් මදින කෙනෙකු විසින් ඔහුගේ පාවහන් ඔප දමමින් සිටි නිසාය.

සමහර අවස්ථාවලදී නිශ්ශබ්දතාවය මගින්, චලනයට සහ උත්සාහයට කළ නොහැකි දේ ඉටු කරයි. ගීතාවලිය 46:10 හි දෙවියන්වහන්සේ තම සෙනඟට පවසන්නේ, “නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්” කියාය. “ජාතීහු කෝලාහල” කරතත් (6 පදය) සහ “පොළොව” වෙනස් වෙතත් (2 පදය), නිහඬව සිටිමින් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අය, උන්වහන්සේ “දුකේදී ඉතා ළංවූ පිහිටක්” බව සොයා ගන්නවා ඇත (1 පදය).

“නිශ්චලව සිටින්න” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් ක්‍රියා පදය “උත්සාහය නවත්වන්න” ලෙසද පරිවර්තනය කළ හැක. අපගේ සීමිත ප්‍රයත්නයන් මත රඳා නොසිට දෙවියන්වහන්සේ තුළ අප විවේක ගන්නා විට, උන්වහන්සේ, අපගේ නොසැලෙන “සරණ සහ ශක්තියය” බව අපි සොයා ගනිමු (1 පදය).