1800 ගණන්වල අගභාගයේදී, විවිධ ස්ථානවල මිනිසුන් එකම දේව සේවයේ සම්පත් එකම අවස්ථාවේදීම වර්ධනය කර ගත්හ. පළමුවැන්න 1877 දී කැනඩාවේ මොන්ට්‍රියල් හි ය. 1898 දී ඇමෙරිකාවේ නිව් යෝර්ක් නගරයේ තවත් සංකල්පයක් දියත් කරන ලදී. 1922 වන විට, මෙම වැඩසටහන් වලින් පන්දහසක් පමණ සෑම ගිම්හානයකම උතුරු ඇමරිකාවේ ක්‍රියාත්මක විය.

මේ ආකාරයට නිවාඩු කාලයේ බයිබල් පාසලේ මුල් ඉතිහාසය ආරම්භ විය. එම වී.බී.එස්. පුරෝගාමීන්ට ඇති වූ ආශාව වූයේ යෞවනයන්ට බයිබලය දැනගැනීමේ ආශාව ඇති කිරීමයි.

පාවුල්ට ඔහුගේ තරුණ අනුගාමිකයෙකු වූ තිමෝති කෙරෙහිද ඒ හා සමාන ආශාවක් ඇති වූ අතර, “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල” සහ “සියලු යහපත් ක්‍රියාවලට සුදානම්ව සිටින පිණිස” අපව සන්නද්ධ කරයි (2 තිමෝති 3:16-17) යනුවෙන් ලිවීය. නමුත් මෙය “ඔබ බයිබලය කියවීම හොඳයි” යන කාරුණික යෝජනාව පමණක් නොවේ. පාවුල්ගේ අවවාදය දරුණු අනතුරු ඇඟවීමක් කරමින් “නුමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන” බවත් (1 පදය), ඒ “සත්‍යය දැනගැනීමට පැමිණෙන්ට බැරිවූ” බොරු ගුරුවරුන් සමඟ බවත් (7 පදය) යනුවෙන් පවසයි. දේව වචනය සමඟ අප ආරක්ෂා වීම අත්‍යවශ්‍ය වේ, මක්නිසාද එය “ක්‍රිස්තුස්යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ගැළවීම පිණිස නුඹ නැණවත් කරන්ට පුළුවන් වූ” (15 පදය) අපගේ ගැළවුම්කරුවාණන්ගේ දැනුමෙහි අපව ගිල්වනු ලබන හෙයිනි.

එසේම, බයිබලය අධ්‍යයනය කිරීම ළමයින් සඳහා පමණක් නොවේ; එය වැඩිහිටියන් සඳහා ද වේ. එසේම එය ගිම්හාන කාලයට පමණක් නොවේ; එය සෑම දිනක්ම සඳහාය. පාවුල් තිමෝතිට මෙසේ ලිවීය: “ශුද්ධ ලියවිලි, නුඹ බාල වයසේ පටන් දැනගන සිටියේය” (15 පදය), නමුත් එය ආරම්භ කිරීමට කිසිදා ප්‍රමාද වැඩි නැත. අප ජීවිතයේ කුමන අවධියක සිටියත්, බයිබලයේ ප්‍රඥාව අපව යේසුස්වහන්සේට සම්බන්ධ කරයි. මෙය අප සැමට දෙවියන්වහන්සේගේ නිවාඩු කාලීන බයිබල් පාඩමයි.