බ්‍රෙන්ඩා නම් පාඨකයෙකු, ඇයගේ දැඩි ආශාවලට ඇති ලුහුබැඳීම් ඇයව අසතුටට පත් කර ඇති බවට කොදුරමින් මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් තීරුවක ප්‍රකාශයක් සටහන් කළ අතර මෙම මනෝ වෛද්‍යවරයා මෙයට ප්‍රතිචාර දැක්වුවේය. ඔහුගේ වචන බොඳ විය. මිනිසුන් සතුටින් සිටින්න නිර්මාණය කර නැති බවත්, මිනිසුන්ව නිර්මාණ කර ඇත්තේ “නොනැසී ජීවත් වීමට සහ වර්ගයා බෝ කිරීමට පමණක් බවත්” ඔහු තව දුරට පැවසුවේය. තෘප්තිමත්භාවයේ “සරදම් කරන සහ අල්ලා ගත නොහැකි සමනලයා” ලුහුබැඳීම අපට ශාපයක් වී ඇති බවත් “එය සෑම විටම අල්ලා ගැනීමට නොහැකි” බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

මනෝ වෛද්‍යවරයාගේ ශුන්‍යවාදී වදන් කියවා බ්‍රෙන්ඩාට කෙසේ හැඟුණාද යන්නත් සහ ඒ වෙනුවට ඇය 131 වන ගීතාවලිය කියවා තිබුණා නම් ඇයට කොතරම් වෙනස් බවක් දැනෙන්නට ඇත්ද යන්නත් මම කල්පනා කළෙමි. එහි වචන වලින්, තෘප්තිය සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දාවිත් අපට උපදෙස් ලබා දෙයි. ඒ සඳහා ඔහු නිහතමානී ඉරියව්වකින් පටන් ගනු ලබන්නේ, ඔහුගේ රාජකීය අභිලාෂයන් පසෙකට දමා, ජීවිතයේ විශාල ප්‍රශ්න සමඟ පොරබැදීම වැදගත් වුවත්, ඒවා ද පසෙකට දමමිනි (1 පදය). ඉන්පසු ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි තම හදවත නිහඬ කරයි (2 පදය), අනාගතය දෙවියන්වහන්සේගේ දෑතට භාර දෙයි (3 පදය). ප්‍රතිඵලය ඉතා අලංකාරයි: ඔහු මෙසේ පවසයි; “කිරිවැරූ ළඳරුවෙක් මව් වෙත යම්සේද සැබවින්ම මාගේ ආත්මය සනසා නිශ්චල කර ගතිමි” (2 පදය).

අපගේ වැනි බිඳ වැටුණු ලෝකයක, යමක් ගැන සතුටු වීම හෝ තෘප්තියට පත්වීම සමහර විට නොපෙනෙන දෙයක් විය හැකිය. පිලිප්පි 4:11-13 හි අපෝස්තුළු පාවුල් පවසන්නේ තෘප්තිය ඉගෙන ගත යුතු දෙයක් බවයි. නමුත් අප නිර්මාණය කර ඇති ජීවිතය “නොනැසී ජීවත්වීමට සහ වර්ගයා බෝ කිරීමට” පමණක් යැයි අප විශ්වාස කරන්නේ නම්, තෘප්තිය නිසැකවම අල්ලා ගත නොහැකි සමනලයෙකු බඳු වනු ඇත. දාවිත් අපට තවත් මාර්ගයක් පෙන්වයි: දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිහඬව විවේක ගැනීමෙන් සතුට ලබා ගත හැකි බවයි.