මගේ මිතුරිය සූසි සහ මම මුහුදු වෙරළේ ගල්පර කිහිපයක් මත වාඩි වී සිටිමින් මුහුදු රැලි වලින් නැගෙන සුදු පෙන දෙස බලා සිටියෙමු. අප දෙසට පැමිණෙන රළ එකින් එක ගල් පර්වත මත ගැටෙන ආකාරය දෙස බලා සිටි සූසි, “මම සාගරයට ආදරෙයි. එය දිගටම ගමන් කරයි, එම නිසා මට ගමන් කිරීමට අවශ්‍ය නැත!” යයි කිවාය.

අපගේ රැකියාවෙන් විවේක ගැනීම සඳහා අපට “අවසර” අවශ්‍ය යැයි අපෙන් සමහරෙකුට හැඟෙන ආකාරය සිත් ගන්නා සුළු නොවේද? හොඳයි, අපේ යහපත් දෙවියන්වහන්සේ අපට පිරිනමන්නේ ඒ දෙයමයි! දින හයක් පුරාවට දෙවියන්වහන්සේ පෘථිවිය සකස්කොට ආලෝකය, ගොඩබිම, වෘක්ෂලතාදිය, සතුන් සහ මිනිසුන් නිර්මාණය කළ සේක. ඉන්පසු හත්වන දින උන්වහන්සේ විවේක ගත් සේක (උත්පත්ති 1:31-2:2). සබත් දිනය විවේක දිනයක් ලෙස මතක තබා ගැනීමේ ආඥාවද (8-11 පද) ඇතුළත්ව නිරෝගී ජීවිතයක් අපට බුක්ති විඳීමටත් එය තුළින් දෙවියන්වහන්සේට ගෞරව කිරීම සඳහාත් දස පනත, වන උන්වහන්සේගේ නීති ලැයිස්තුගත කළ සේක (නික්මයාම 20:3-17). යේසුස්වහන්සේ නගරයේ සිටි සියලුම රෝගීන් සුව කරන ආකාරය අලුත් ගිවිසුමේ අප දකින අතර (මාර්ක් 1:29-34), පසුදා උදෑසන යාච්ඤා කිරීම සඳහා හුදකලා ස්ථානයකට යන බවත් අපි දකින්නෙමු (35 පදය). හිතාමතාම, අපගේ දෙවියන්වහන්සේ වැඩ මෙන් විවේකයද යන දෙකම ලබා ගත් සේක.

වැඩ කිරීමේදී දෙවියන්වහන්සේගේ විධිවිධානයේ රිද්මය සහ විවේක ගැනීමට උන්වහන්සේගේ ආරාධනය අප වටා දෝංකාර දෙයි. වසන්තයේ රෝපණයත් ගිම්හානයේදී වර්ධනයත්, සරත් සෘතුවේ දී අස්වැන්නත් සහ ශීත ඍතුවේ දී විවේකයත් ලබා දෙයි. උදේ, මධ්‍යාහ්න, දහවල්, සවස සහ රාත්‍රිය. දෙවියන්වහන්සේ අපගේ ජීවිතයට වැඩ සහ විවේකය යන දෙකම නියම කරන අතර, ඒ දෙකම කිරීමට අපට අවසර ලබා දී තිබෙන සේක.