මම කුඩා කාලයේ දෙවන ලෝක යුද්ධයෙන් ඉවත් කළ යුධ ටැංකියක් මගේ නිවස අසල උද්‍යානයක ප්‍රදර්ශනයට තබා තිබුණේය. මෙම යුධ ටැංකියට නැගීම අනතුරුදායක බවට දැන්වීම පුවරු බොහෝමයක් තිබූ නමුත් මගේ මිතුරන් කිහිප දෙනෙක් වහාම මෙම යුධ ටැංකියට නැග ගැනීමට පොරකෑහ. අපේ සමහර අය ටිකක් අකමැත්තෙන් හිටියත් අන්තිමට අපිත් මෙයට නැග ගත්තෙමු. එක් පිරිමි ළමයෙකු විසින් අනතුරු සංඥාව පෙන්වමින් යුධ ටැංකියට නැගීම ප්‍රතික්‍ෂේප කළේය. වැඩිහිටියෙක් ළඟට එන අවස්ථාවේදී තව ළමයෙකු ඉක්මනින්ම බිමට පැන්නේය. විනෝද වීමට ඇති පෙළඹවීම නිසා නීති රීති අනුගමනය කිරීම ඉක්මවා අපගේ ආශාව ඉස්මතු විය.

ළමාවියේ බොළඳ කැරලිගැසීමේ සිතක් අප සියල්ලන් තුළ සැඟවී ඇත. එනම්, කෙනෙකු විසින් අප හට කළ යුතු දේ හෝ නොකළ යුතු දේ පවසනවාට අපි අකමැති වන්නෙමු. නමුත් අපි නිවැරදි දේ දැන එය නොකරන විට එය පාපයක් බව යාකොබ්ගේ පොතෙහි අපි කියවමු (4:17). රෝම පොතෙහි අපෝස්තුළු පාවුල් මෙසේ ලීවේය: “මක්නිසාද මම කැමති යහපත නොකර අකැමැති නපුර කරමි. ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය” (7:19-20).

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන්, පාපය සමඟ අපගේ අරගලය ගැන අපට ප්‍රහේලිකාවක් තිබිය හැකිය. නමුත් බොහෝ විට අපි නිවැරදි දේ කිරීමට අපගේම ශක්තිය මත පමණක් රඳා සිටින්නෙමු. යම් දිනක, මේ ජීවිතය අවසන් වූ විට, අපි ඇත්තටම පව්කාර ආවේගයන්ට මැරෙන්නෙමු. කෙසේ වෙතත්, එතෙක්, මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් පාපය පරාජය කළ තැනැන්වහන්සේගේ බලය මත අපට විශ්වාසය තැබිය හැකිය.