චීනයේ ෆුජියන් හි පර්යේෂකයන්ට අවශ්‍ය වූයේ දැඩි සත්කාර ඒකකයේ (ICU) රෝගීන්ට වඩාත් හොඳින් නිදා ගැනීමට උපකාර කිරීමයි. ඔවුන් (අධ්‍යාපනය සඳහා සකස් කරන ලද ඒකකයක්) ICU පරිසරයක් තුළ පරීක්ෂණ විෂයයන් මත ආධාරකවල බලපෑම මගින් නින්ද මැනීය. එසේ කළේ දීප්තිමත්, රෝහල් ශ්‍රේණියේ ආලෝකකරණය සහ යන්ත්‍රවල බීප් හඬ සහ හෙදියන් කතා කරන ශ්‍රව්‍ය පටිගත කිරීම් සමඟයි. ඔවුන්ගේ පර්යේෂණවලින් පෙන්නුම් කළේ නිදි ආවරණ සහ කනට හඬ නො ඇසෙන “ඉයර් ප්ලග්” වැනි මෙවලම් ඔවුන්ගේ පරීක්ෂණයට කැපවූ අයගේ (රෝගීන් නොව) විවේකය වැඩිදියුණු කළ බවයි. නමුත් දැඩි සත්කාර ඒකකයේ සිටින සැබවින්ම රෝගීන් වූවන්ට සාමකාමී නින්දක් ලබා ගැනීම තවමත් දුෂ්කර බව ඔවුහු පිළිගත්තෝය.

අපේ ලෝකය කැළඹී ඇති විට, අපට විවේකයක් සොයාගත හැක්කේ කෙසේද? බයිබලය මෙය ගැන ඉතා පැහැදිලිව පවසයි: ඔවුන්ගේ තත්ත්වයන් කුමක් වුවත්, දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අයට සමාදානය ඇත. අනාගතවක්තෘ යෙසායා විසින් ඉපැරණි ඊශ්‍රායෙල්වරුන් දුෂ්කරතාවලින් පසු යථා තත්ත්වයට පත් වන අනාගත කාලයක් ගැන ලිවීය. දෙවියන්වහන්සේ එය ආරක්ෂා කළ බැවින් ඔවුන්ගේ නගරය තුළ ආරක්ෂිතව ජීවත් වන බව ඔවුන් දැන සිටියෝය (යෙසායා 26:1). යහපත ගෙන ඒම සඳහා උන්වහන්සේ අවට ලෝකය තුළ ක්‍රියාශීලීව ක්‍රියා කරන බව ඔවුන් විශ්වාස කළෝය – “උන්වහන්සේ උසස්ථානය වන උස්වූ නගරයේ වැසියන් හෙළාදැමූසේක”, එසේම, පීඩිතයන් නගා සිටුවීම සහ යුක්තිය ඉටු කිරීම කරන සේක (5-6 පද). ”යෙහෝවා නම් වූ ස්වාමීන්වහන්සේ සදාකාල පර්වතයක්” බව ඔවුන් දැන ගෙන, ඔවුන්ට සදහටම උන්වහන්සේව විශ්වාස කළ හැකි බව දැන ගනු ඇත (4 පදය).

“ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක” (3 පදය) කියා යෙසායා ලිවීය. දෙවියන්වහන්සේට අදත් අපට සමාදානය සහ විවේකය ලබා දිය හැක. අප අවට සිදුවන දේ කුමක් වුවත්, උන්වහන්සේගේ ප්‍රේමයේ සහ බලයේ සහතිකයෙන් අපට විවේක ගත හැක.