“බ්ලූස්ටෝන්” යනු සිත් ඇදගන්නා සුළු පාෂාණ වර්ගයකි. එයට ගැසූ විට, ඇතැම් බ්ලූස්ටෝන් පාෂාණ සංගීත ස්වරයකින් නාද වනු ඇත. වේල්ස් රටේ මැන්ක්ලොකොග් (Maenclochog) නැමැති ගම්මානයේ තේරුම “සීනුව” හෝ “නාද ගල්” යන්නයි. ඔව්හූ දහඅටවන සියවස දක්වා දේවස්ථානයේ සීනු ලෙස බ්ලූස්ටෝන් පාෂාණ භාවිතා කළහ. එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් හි නටබුන් බ්ලූස්ටෝන් පාෂාණ වලින් ගොඩනගා ඇති අතර, එම සන්ධිස්ථානයේ මුල් අරමුණ සංගීතයමදැයි සමහරු කල්පනා කරති. සමහර පර්යේෂකයන් පවසන්නේ ස්ටෝන්හෙන්ජ් හි ඇති බ්ලූස්ටෝන් පාෂාණ, එහි සුවිශේෂ මෘදු ගුණාංග නිසා සැතපුම් දෙසීයකට ආසන්න දුරින් පිහිටි මැන්ක්ලොකොග් අසලින් ගෙන එන ලද බවයි.

සංගීතමය නාද ගල් යනු දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මැවිල්ලේ තවත් පුදුමයක් වන අතර, ගොක් ඉරුදිනක යේසුස්වහන්සේ යෙරුසලමට ඇතුල්වීමේදී උන්වහන්සේ පැවසූ දෙයක් අපට මතක්කර දෙයි. මිනිසුන් යේසුස්වහන්සේට ප්‍රශංසා කළ විට, ආගමික නායකයන් ඔවුන්ට තරවටු කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෝය. උන්වහන්සේ උත්තර දෙමින්: “ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි කී සේක” (ලූක් 19:40).

බ්ලූස්ටෝන් පාෂාණවලට සංගීතය නිර්මාණය කළ හැකි නම් සහ ඒවායේ මැවුම්කරුට සාක්ෂි දරන ගල් පවා යේසුස්වහන්සේ සඳහන් කළේ නම්, අපව සෑදූ, අපට ප්‍රේම කරන සහ අපව ගළවා ගත් තැනැන්වහන්සේට අපගේ ප්‍රශංසාව ප්‍රකාශ කළ හැක්කේ කෙසේද? උන්වහන්සේ සියල්ලේ නමස්කාරයට සුදුසු ය. උන්වහන්සේට ලැබිය යුතු ගෞරවය ලබා දීමට ශුද්ධාත්මයාණන්වහන්සේ අපව පොළඹවන සේක්වා. සියලු මැවිල්ල උන්වහන්සේට ප්‍රශංසා කරති.