පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් පුලිසික්ට ඇතිවූ තුවාල කිහිපයක් ඔහුගේ වෘත්තීයට බලපෑම් ඇති කළේය. ඔහු චැම්පියන්ස් ලීග් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයේ ආරම්භක පෙළගැස්මෙහි නොසිටින බව දැනගත් පසු, ඔහු කලකිරීමට පත් විය. නමුත්, දෙවියන්වහන්සේ තමාට හෙළි වූ ආකාරය ගැන විස්තර කළේය. “සෑම විටම මෙන්, මම දෙවියන්වහන්සේ වෙත ළඟා වන අතර, උන්වහන්සේ මට ශක්තිය ලබා දෙන සේක” කියා ඔහු පැවසීය. “මා සමඟ සෑම විටම කෙනෙකු සිටින බව මට හැඟෙන්නේය. ඒ හැඟීමෙන් තොරව මේ දේවල් කිසිවක් කරන්නේ කෙසේදැයි මම නොදනිමි” කියා ඔහු තව දුරටත් පැවසුවේය. පසුව තරඟයේදී ඔහු වෙන ක්‍රීඩකයෙකු වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැඳවු අවස්ථාවේදී, එය පුලිසික්ට වැදගත් බලපෑමක් ඇති කළේය. ඔහු දක්ෂ පියවරක් ආරම්භ කළ අතර එය තරඟයේ ජයග්‍රාහී පහරට තුඩු දුන් නිසා එය ශූරතාවලියේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කළේය. මෙම අත්දැකීම් ඔහුට වටිනා පාඩමක් ඉගැන්වීය. එනම් අපගේ දුර්වලතා දෙවියන්වහන්සේගේ අපිරිමිත බලය හෙළිදරව් කිරීමට ඇති අවස්ථා ලෙස අපට සැම විටම දැකිය හැකි වීමය.

ගැටලුවලට මුහුණ දෙන විට අපේම ශක්තිය මත රඳා සිටීමට ලෝකය අපට උගන්වයි. කෙසේ වෙතත්, බයිබලානුකුල ප්‍රඥාව අපට උගන්වන්නේ දෙවියන්වහන්සේගේ කරුණාව සහ බලය අපට වඩාත් පීඩාකාරී අවස්ථාවන්හිදී ශක්තිය ලබා දෙන බවයි (2 කොරින්ති 12:9). එමනිසා, අප කිසි විටෙකත් තනිව පීඩාවලට මුහුණ නොදෙන බව වටහාගෙන අපට විශ්වාසයෙන් ගමන් කළ හැකිය. අපගේ “දුර්වලතා” දෙවියන්වහන්සේගේ බලය හෙළිදරව් කිරීමටත්, අපව ශක්තිමත් කිරීමටත් උපකාර කිරීමටත් අවස්ථාවන් බවට පත්වන්නේය (9-10 පද). එවිට අපට අපගේ අරගල දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමටත්, උන්වහන්සේගේ යහපත්කමට ස්තූති කිරීමටත්, අන් අයද උන්වහන්සේගේ ප්‍රේමය අත් විඳින පිණිස මෙම අත්දැකීම් අන් අය සමඟ බෙදා ගැනීමටත් භාවිතා කළ හැකි වේ.