අපි හැමෝම අලුත් තැනකට පදිංචියට යන විටදී අපගෙන් සුළු කොටසක් අප පදිංචිව සිටි ස්ථානයේ තබා යන්නෙමු. නමුත් පෘථිවියේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටා තිබෙන සීතල හා පාළු ප්‍රදේශයක් වන ඇන්ටාර්ක්ටිකාවේ විලාස් ලාස් එස්ට්‍රලේලාස් හි දිගු කාලීන පදිංචිකරුවෙකු වීමට නම්, ඔබෙන් කොටසක් අතහැර දැමීම සිදුවිය යුතු දෙයකි. ආසන්නතම රෝහල සැතපුම් 625 ක් දුරින් වන හෙයින් යමෙකුගේ උණ්ඩුක පුච්ඡය පුපුරා ගියහොත් එම පුද්ගලයාට බරපතල කරදරයකට මුහුණ දීමට සිදු වෙයි. එබැවින් සෑම පුරවැසියෙකුම එහි යාමට පෙර උණ්ඩුක පුච්ඡය ඉවත් කිරීමේ සැත්කමට භාජනය විය යුතුය.

එය දරුණු නොවේද? නමුත් එය දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පදිංචිකරුවෙකු වීම තරම් දරුණු නොවේ. මක්නිසාද මිනිසුන්ට අවශ්‍ය වන්නේ යේසුස්වහන්සේව තමන්ගේම කොන්දේසි මත අනුගමනය කිරීමට මිස උන්වහන්සේගේ කොන්දේසි මත නොවීමයි (මතෙව් 16:25-27), උන්වහන්සේගේ ගෝලයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න උන්වහන්සේ නැවත නිර්වචනය කරන සේක. උන්වහන්සේ පැවසුවේ, “යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා” (24 පදය) යනුවෙනි. උන්වහන්සේ සහ උන්වහන්සේගේ රාජ්‍යය සමඟ තරඟ කරන ඕනෑම දෙයක් අත්හැරීමට සූදානම් වීම මෙයට ඇතුළත් වේ. තවද අපි අපගේ කුරුසිය අතට ගන්නා විට, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල වෙනුවෙන් සමාජ හා දේශපාලනික පීඩාවන්ට සහ මරණයට පවා යටත් වීමට කැමැත්ත ප්‍රකාශ කරමු. සමහර දේවල් යන්නට ඉඩ හැරීමට සහ භාර ගැනීමට අමතරව, අපි උන්වහන්සේව සැබවින්ම අනුගමනය කිරීමට කැමැත්ත පළ කරන්නෙමු. මෙය, උන්වහන්සේ අපව සේවයට හා පරිත්‍යාගශීලී ජීවිතයකට යොමු කරන විට උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව මොහොතෙන් මොහොත ගමන් කළ යුතුවේ.

යේසුස්වහන්සේ අනුගමනය කිරීම යනු අපගේ ජීවිතයේ කුඩා කොටසක් ඉතිරි කරනවාට වඩා වැඩි යමක් වේ. ඒ උන්වහන්සේ අපට උපකාර කරන පරිදි, අපගේ ජීවිතය උන්වහන්සේට යටත් කිරීමත් සහ අපගේ ශරීරය ඇතුළුව අපගේ මුළු ජීවිතයම උන්වහන්සේට පමණක් භාර දීමත් ගැනය.