වයස අවුරුදු දහතුනක් වුවද, ඩිඇවියොන් අන් අයට සේවය කිරීමේ අභියෝගය භාර ගත්තේය. ග්‍රීෂ්ම නිවාඩුවේදී නොමිලේ වතු පනහක් තණකොළ කපන ලෙස ළමයින්ට ආරාධනා කළ මිනිසෙකු පිළිබඳ කතාවක් ඔහු සහ ඔහුගේ මව අසා තිබුණි. ඔවුන්ගේ අවධානය යොමු වූයේ විශ්‍රාම ලැබූ සැමට, තනිකඩ මව්වරුන්ට, ආබාධ සහිත පුද්ගලයන්ට හෝ උපකාර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උපකාර කිරීමයි. මෙම සේවයේ ආරම්භකයා (ප්‍රාන්ත පනහක තණකොළ වතු පනහක් කපා තිබුණි) වැඩ ආචාර ධර්මවල වැදගත්කම ඉගැන්වීමටත් සහ ප්‍රජාවට ආපසු ‘ලබා දීමේ‘ අභියෝගය නිර්මාණය කළේය. උණුසුම සහ යෞවනයෙකුට ගිම්හානයේදී ලුහුබැඳීමට හැකි වන අනෙකුත් ක්‍රියාකාරකම් අතර තුර ඩිඇවියොන් විසින් අන් අයට සේවය කිරීමට තෝරාගෙන අභියෝගය සම්පූර්ණ කළේය.

සේවය කිරීමේ අභියෝගය යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට ද පැමිණෙන්නෝය. සියලු මිනිසුන් උදෙසා මිය යාමට පෙර සවස, යේසුස්වහන්සේ තම මිතුරන් සමඟ රාත්‍රී ආහාරය ගත් සේක (යොහන් 13:1-2). උන්වහන්සේ සුලු වේලාවකින් තමන්වහන්සේ මුහුණ දෙන දුක් වේදනා සහ මරණය ගැන හොඳින් දැන සිටියත් ආහාර වේලෙන් නැගිට, තමන්වහන්සේ වටා තුවායක් ඔතා ගෙන, තම ගෝලයන්ගේ පාද සේදීමට පටන් ගත් සේක (3-5 පද). “ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය” යැයි උන්වහන්සේ කී සේක (14 පදය).

නිහතමානී සේවකතුමා සහ අපගේ ආදර්ශය වූ යේසුස්වහන්සේ, මනුෂ්‍යයන්ට සැලකු සේක: උන්වහන්සේ අන්ධයින් සහ රෝගීන් සුව කළ සේක, උන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය ඉගැන්වූ සේක. උන්වහන්සේගේ මිතුරන් වෙනුවෙන් තම ජීවිතය පූජා කළ සේක. ක්‍රිස්තුස්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා, මේ සතියේ ඔබ සේවය කළ යුත්තේ කාටදැයි උන්වහන්සේගෙන් අසන්න.