පැරිසියට ගිය ගමනකදී, බෙන් සහ ඔහුගේ මිතුරන් නගරයේ සුප්‍රසිද්ධ කෞතුකාගාරයක තමන් සිටින බව දැන ගත්හ. බෙන් චිත්‍ර කලාව පිළිබඳ ශිෂ්‍යයෙකු නොවූවත්, ඉයුජින් බර්නාන්ඩ් විසින් සිතුවම් කළ “ගෝලයන් වන පේත්‍රැස් සහ යොහන්, යේසුස්වහන්සේ උත්ථානය වූ දවසේ උදෑසන සොහොන් ගෙය වෙත දිව යාම” නම් සිතුවම දෙස බලා විස්මයට පත් විය. වචන වලින් තොර වුවත්, පේත්‍රැස්ගේ සහ යොහන්ගේ මුහුණුවල පෙනුම සහ ඔවුන්ගේ අත්වල පිහිටීම බොහෝ දේවල් කථා කරන අතර ඔවුන්ගේ තත්ත්වය තුළට පිවිසීමටත් සහ ඔවුන්ගේ හැඟීම් බෙදා ගැනීමටත් නරඹන්නන්ට ආරාධනා කරති.

යොහන් 20:1-10 මත පදනම්ව, මෙම සිතුවම නිරූපණය කරන්නේ මෙම ගෝලයන් දෙදෙනා යේසුස්වහන්සේගේ හිස් සොහොන් ගෙය දෙසට දිව යන ආකාරයයි (4 පදය). ගෝලයන් දෙදෙනාගේ හැඟීම් බර අවස්ථාව මෙම විශිෂ්ට කෘතිය ග්‍රහණය කර ඇත. එම අවස්ථාවේදී ඔවුන්ගේ ඇදහිල්ල සම්පූර්ණයෙන් පිහිටුවා නොතිබුණද, ඔවුන් නිවැරදි දිශාවට දිව ගියෝය. එමෙන්ම, අවසානයේදී, මරණින් උත්ථානය වූ යේසුස්වහන්සේ ඔවුන්ට තමන්වහන්සේව හෙළි කළ සේක (19-29 පද). ඔවුන්ගේ සෙවීම සියවස් ගණනාවක් පුරා “යේසුස් සොයන්නන්” මෙන් නොවීය. කෙසේ වෙතත් හිස් සොහොන් ගෙයක හෝ විශිෂ්ට කලා කෘතියක අත්දැකීම්වලින් අපව ඉවත් කළ හැකි වුවද, අපට ශුභාරංචිය පැහැදිලිව දැකගත හැකිය. සැකයන්, ප්‍රශ්න සහ අවිනිශ්චිතතාවයන් සමඟ පවා යේසුස්වහන්සේගේ සහ උන්වහන්සේගේ ප්‍රේමයේ දිශාවට දිව යමින් බලාපොරොත්තු වීමට සහ සෙවීමට ශුද්ධ ලියවිල්ල අපව පොළඹවයි. හෙට දින, අප පාස්කු උත්සවය සමරන අවස්ථාවේදී, අපි දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය සිහිපත් කරමු: “නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්භවෙනවා ඇත” (යෙරෙමියා 29:13).