2020 පාස්කු ඉරිදා, බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයට ඉහළින් පිහිටි සුප්‍රසිද්ධ “ක්‍රිස්තුස් නම් මිදුම්කරු” ප්‍රතිමාව, පාට පාට විදුලි පන්දම් වලින් ආලෝකමත් කරන ලද්දේ යේසුස්වහන්සේ වෛද්‍යවරයෙකුගේ ඇඳුමෙන් සැරසී සිටින ආකාරයෙනි. ක්‍රිස්තුන්වහන්සේ වෛද්‍යවරයෙකු ලෙස විචිත්‍රවත් ලෙස නිරූපණය කිරීම කොරෝනා වයිරස් වසංගතයට එරෙහිව සටන් කරමින් සිටි බොහෝ ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින්ට උපහාරයක් විය. අපගේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා යන යේසුස්වහන්සේ පිළිබඳ පොදු විස්තරය, මෙම නිරූපණය ජීවමාන කරයි (මාර්ක් 2:17).

යේසුස්වහන්සේ මෙලොවේ දේව සේවයේදී බොහෝ මිනිසුන්ගේ ශාරීරික පීඩාවන් සුව කළ සේක – අන්ධ බර්තිමේයුස් (මාර්ක් 10:46-52), ලාදුරු රෝගියෙකු (ලූක් 5:12-16) සහ අංශභාග රෝගියෙකු (මතෙව් 9:1-8), ඉන් කිහිප දෙනෙකි. උන්වහන්සේ අනුගමනය කළ අයගේ සෞඛ්‍යය කෙරෙහි උන්වහන්සේ දැක්වූ සැලකිල්ල පෙන්නුම් කළේ සරල ආහාර වේලක් වැඩි කිරීම මගින් ඔවුන්ගේ කුසගින්න නිවාරණය කිරීමෙන්ය (යොහන් 6:1-13). මෙම සෑම ප්‍රාතිහාර්යයකින්ම යේසුස්වහන්සේගේ බලවත් බලය සහ මිනිසුන් කෙරෙහි උන්වහන්සේගේ සැබෑ ප්‍රේමය යන දෙකම හෙළිදරව් වේ.

කෙසේවෙතත්, උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම සුව කිරීමේ ක්‍රියාව සිදු වූයේ අනාගතවක්තෘ යෙසායා විසින් පුරෝකථනය කළ පරිදි උන්වහන්සේගේ මරණය සහ උත්ථානය හරහාය. “යේසුස්වහන්සේගේ තුවාලවලින් අපට සුවය ලැබී” තිබෙන්නේ අපගේ දරුණුතම පීඩාව වන අපගේ පාපවල ප්‍රතිඵලයක් ලෙසින් දෙවියන්වහන්සේගෙන් වෙන්වීමටයි (යෙසායා 53:5). යේසුස්වහන්සේ අපගේ සෞඛ්‍ය අභියෝග සියල්ල සුව නොකළත්, අපගේ ගැඹුරුම අවශ්‍යතාවයට ප්‍රතිකාරය – එනම්, දෙවියන්වහන්සේ හා සමග සම්බන්ධතාවයට උන්වහන්සේ ගෙනෙන සුවය විශ්වාස කළ හැක.