මගේ පුතාට වයස අවුරුදු තුනට ආසන්න වන විට, මට සුව වීමට මාසයක් හෝ ඊට වැඩි කාලයක් අවශ්‍ය සැත්කමක් කිරීමට සිදු විය. ක්‍රියා පටිපාටියට පෙර, මම ඇඳේ සිටිද්දී බේසමේ අපිරිසිදු කෑම දීසි ගොඩගැසී ඇති ආකාරය ගැන මම සිතින් සිතුවෙමි. මම ක්‍රියාශීලී කුඩා දරුවෙකු රැකබලා ගන්නේ කෙසේද යන්න ගැන මට විශ්වාසයක් නොතිබූ අතර අපගේ ආහාර පිසීම සඳහා මම උදුන ඉදිරිපිට සිටගෙන සිටිනවා සිතා ගත නොහැකි වුනි. මගේ දුර්වලකම අපේ ජීවිතවල රිද්මයට ඇති කරන බලපෑම ගැන මම බිය වූයෙමි.

ගිඩියොන්ගේ හමුදා මිදියන්වරුන්ට මුහුණ දීමට පෙර දෙවියන්වහන්සේ හිතාමතාම ඔහුගේ හමුදාව දුර්වල කළ සේක. පළමුව, බිය වූ අයට පිටව යාමට අවසර දෙන ලදී – මිනිසුන් විසි දෙදහසක් හැරී ගියහ (විනිශ්චයකාරයන්ගේ පොත 7:3). එවිට ඉතුරු වූ දස දාහෙන් සිටිය හැකි වූයේ තමුන්ගේ අත කටට තබා ලෙව කා බීවාවූ මිනිසුන්ටය. ඔවුන්ගෙන් මිනිසුන් තුන්සියයක් පමණක් ඉතිරි විය, නමුත් මෙම අවාසිය ඊශ්‍රායෙල්වරුන් තමන් මතම රඳා සිටීම වැළැක්වීය (5-6 පදය). එනම්, “අපේ අත අප ගැළෙව්වේය” (2 පදය) කියා පැවසීමට ඔවුන්ට නොහැකි විය.

අපගෙන් බොහෝ දෙනෙක් අපව සිඳී ගිය සහ බල රහිත බවක් දැනෙන අවස්ථා අත්විඳිති. මට මේ දේ වුණ විට දෙවියන්වහන්සේව කොපමණ අවශ්‍යද කියා මට පැහැදිලි විය. උන්වහන්සේ තම ආත්මයාණන් තුළින් ඇතුළතින් සහ මිතුරන්ගේ සහ පවුලේ අයගේ උපකාරය තුළින් බාහිරවද මා දිරිමත් කළ සේක. මට ටික කාලයකට මගේ ස්වාධීනත්වය අත්හැරීමට සිදු විය, නමුත් දෙවියන්වහන්සේ කෙරෙහි වඩාත් පූර්ණ ලෙස රඳා සිටින්නේ කෙසේදැයි මෙය මට ඉගැන්වීය. “මක්නිසාද දුර්වලකමේදී උන්වහන්සේගේ බලය සම්පූර්ණ වන සේක” (2 කොරින්ති 12:9), අපගේ අවශ්‍යතා අපට තනිවම සපුරා ගැනීමට නොහැකි වූ විට අපට බලාපොරොත්තුවක් තබා ගත හැකිය.