විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට බලා සිටියදී, විසි හැවිරිදි ෂින් යී, තරුණ ක්‍රිස්තියානි මිෂනාරි සංවිධානයක සේවය කිරීමට, ඇයට හිමි වූ මාස තුනක විවේක කාලය කැප කිරීමට තීරණය කළාය. මෙය සේවය කිරීමට අමුතු කාලයක් ලෙස පෙණුනේ මුහුණට මුහුණ හමුවීම් වලක්වන සීමාවන් සහිත කෝවිඩ් -19 සැලකිල්ලට ගෙනය. නමුත් ෂින් යී ඉක්මනින්ම මාර්ගයක් සොයා ගත්තාය. “අපට සාමාන්‍යයෙන් කළාක් මෙන් වීදිවල, සාප්පු සංකීර්ණවල හෝ අවන්හල් වල සිසුන් හමුවීමට නොහැකි වූවත්, එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කිරීම සඳහා සූම් (Zoom) හරහා ක්‍රිස්තියානි සිසුන් සමගද දුරකථන ඇමතුම් මගින් නොඇදහිලිවන්තයන් සමඟද අප දිගටම සම්බන්ධ වී සිටියෙමු” කියා ඇය බෙදා ගත්තාය

“ශුභාරංචිය ප්‍රකාශ කරන්නෙකුගේ කාර්යය කරන්න” (2 තිමෝති 4:5) යනුවෙන් අපෝස්තුළු පාවුල් තිමෝතිව දිරිමත් කළ දේ ෂින් යී කළාය. පාවුල් අනතුරු ඇඟවූයේ මිනිසුන්ට තමුන්ට ඇසීමට අවශ්‍යවන දේ උගන්වන ගුරුවරුන් සොයා යනවා වෙනුවට ඔවුන් ඇසීමට ආසා කරන දේ පවසන ගුරුවරුන් සොයා යන බවයි. (3-4 පද). එහෙත් තිමෝතිව කැඳවනු ලැබුවේ “කලටත් අකලටත් වැඩේ යෙදී සිටින්න” කියාත් “සියලු ආකාර ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් තරවටු කර, අවවාද කර, අනුශාසනා කරන්න” කියාත්ය. (2 පදය).

අප සියල්ලන්ම එවැන්ජලිස්තවරුන් හෝ දේශනාකරුවන් වීමට කැඳවා නැතත්, අප සෑම කෙනෙකුටම අප අවට සිටින අය සමඟ අපගේ ඇදහිල්ල බෙදාගැනීමේ කාර්යභාරය ඉටු කළ හැකිය. ක්‍රිස්තුස්වහන්සේ නොමැතිව නොඇදහිලිවන්තයන් විනාශ වෙමින් සිටිති. ඇදහිලිවන්තයන්ව ශක්තිමත් කිරීමට සහ දිරිගැන්වීමට අවශ්‍ය වේ. දෙවියන්වහන්සේගේ උපකාරයෙන්, අපට හැකි සෑම විටම සහ ඕනෑම තැනක උන්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරමු.