මීට වසර ගණනාවකට පෙර, මම මගේ මව සුව කිරීමට නුපුළුවන් බැවින් එවැනි රෝගීන් සිටින ස්ථානයකට ගෙන ගියෙමි. එම කාලයේදී මා ඇයව රැකබලා ගත්තෙමි. ඇගේ භාරකරු ලෙස සේවය කිරීමට උන්වහන්සේ මට ඉඩ දුන් මාස හතර ගැන මම දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වූ අතර දුක්ඛිත ක්‍රියාවලිය හරහා මට උදව් කරන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි. මගේ මිශ්‍ර හැඟීම් සමඟ පොරබඳින අවස්ථාවේදී මම නිතරම දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට වෙහෙසුණෙමි. නමුත් මගේ මව අවසන් හුස්ම හෙළන විට සහ මම පාලනය කර ගත නොහැකි ලෙස අඬමින් සිටි විටදී, මම “හලෙලූයා” කියා රහසින් කීවෙමි. වසර ගණනාවකට පසුව, මම ගීතාවලිය 30 දෙස සමීපව බලන තුරු, එම කණගාටුදායක මොහොතේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම සම්බන්ධයෙන් මට වරදකාරී හැඟීමක් ඇති විය.

“දේවමාළිගාවේ කැප කිරීම සඳහා” වූ දාවිත්ගේ ගීතයේ ඔහු දෙවියන්වහන්සේට නමස්කාර කළේ උන්වහන්සේගේ විශ්වාසවන්තකම සහ දයාව සඳහාය (1-3 පද). “උන්වහන්සේගේ ශුද්ධ නාමයට ස්තුති කරන්න” (4 පදය) කියා ඔහු අන් අයව දිරිමත් කළේය. ඉන්පසුව දාවිත් සොයා ගත්තේ දෙවියන්වහන්සේ දුෂ්කරතා සහ බලාපොරොත්තුව කෙතරම් සමීපව එකතු කර ගන්නේද යන්නයි (5 පදය). ඔහු ශෝකයේ සහ ප්‍රීතියේ අවස්ථාද, ආරක්ෂිත බවක් සහ කලකිරීමට පත් වූ අවස්ථාද පිළිගත්තේය (6-7 පද). උපකාරය සඳහා වූ ඔහුගේ මොරගැසීම් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසයකින් යුක්ත විය (7-10 පද). දාවිත්ගේ ප්‍රශංසාවේ දෝංකාරයේ ඔහුගේ විලාප සහ නැටුම්ද, ශෝකය සහ ප්‍රීතියද (11 පදය) එකට වෙලී තිබුණි. දුක් වේදනා විඳදරා ගැනීමේ අභිරහස සහ සංකීර්ණත්වය මෙන්ම සහ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකමේ අපේක්ෂාවන් පිළිගනිමින් දාවිත් විසින් දෙවියන්වහන්සේට ඔහුගේ නිමක් නැති භක්තිය ප්‍රකාශ කළේය (12 පදය).

දාවිත් මෙන් අපටත් “මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තූති කරන්නෙමි” (12 පදය) කියා ගායනා කළ හැකිය, අප සතුටින් සිටියත් සිත් රිදීමකින් සිටියත්, දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කිරීමටත්, ප්‍රීති ඝෝෂා නඟා, ප්‍රශංසා කඳුළින් උන්වහන්සේට නමස්කාර කිරීමට අපව යොමු කිරීමටත් දෙවියන්වහන්සේට හැකි වන සේක.