කිවිඳියක් සහ ඇදහිල්ල පිළිබඳ ලේඛ්කාවක වන ක්‍රිස්ටිනා රොසෙට්ටි ඇයට කිසිවක් පහසු නොවු බව සොයා ගත්තාය. ඇය සිය ජීවිත කාලය පුරාම මානසික අවපීඩනයෙන් හා විවිධ රෝගාබාධවලට ගොදුරුවී සිටි අතර බිඳී ගිය බැඳීම්වලටද මුහුණ දුන්නාය. අවසානයේ ඇය පිළිකාවකින් මිය ගියාය.

ඊශ්‍රායෙල් ජාතියේ වීරයා ලෙස දාවිත් මහත් බලයකින් පැමිණි විට, ඔහු ජයග්‍රාහී රණශූරයෙකු මෙන් විය. එහෙත් තම ජීවිත කාලය පුරාම දාවිත් දුෂ්කරතාවලට මුහුණ දුන්නේය. ඔහුගේ පාලන සමයේ පසුකාලීනව, ඔහුගේම පුත්‍රයා, ඔහුගේ විශ්වාසවන්ත උපදේශකයා සහ රටේ බොහෝ පුරවැසියන් ඔහුට විරුද්ධ වූහ (2 සාමුවෙල් 15:1-12). එබැවින් දාවිත්, පූජකයන් වූ අබියාතර් සහ සාදොක් ද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද රැගෙන යෙරුසලමෙන් පලා ගියේය (14, 24 පද).

අබියාතර් දෙවියන්වහන්සේට පූජා ඔප්පු කළ පසු දාවිත් පූජකයන්ට පැවසුවේ “දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත නුවරට ගෙනයන්න. ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබුණොත් උන්වහන්සේ නැවත මා ගෙනැවිත් ඒකත් එහි වාසස්ථානයත් මට පෙන්වනවා ඇත”(25 පදය) කියාය. අවිනිශ්චිතභාවය තිබියදීත්, දාවිත් “නුමුත් – මම නුඹ කෙරෙහි ප්‍රසන්න නොවෙමියි උන්වහන්සේ කියන සේක්නම්, …උන්වහන්සේට යහපත්ව පෙනෙන ලෙස මට කරන සේක්වයි කීවේය” (26 පදය). දෙවියන්වහන්සේව විශ්වාස කළ හැකි බව ඔහු දැන සිටියේය.

ක්‍රිස්ටිනා රොසෙට්ටි දෙවියන්වහන්සේව විශ්වාස කළ අතර ඇගේ ජීවිතය බලාපොරොත්තුවෙන් අවසන් විය. මාර්ගය ඇත්ත වශයෙන්ම වංගු සහිතව ඉහළට යන්නක් වූවත් එය අපගේ ස්වර්ගික පියාණන් වෙතට මග පෙන්වන අතර, උන්වහන්සේ විවෘත දෑතින් අප පැමිණෙන තෙක් බලා සිටින සේක.