ලොව පුරා සිටින බොහෝ දෙනෙකුට ජීවිතය හුදකලා වෙමින් පවතී. 1990 සිට මිතුරන් නොමැති ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව හතර ගුණයකින් වැඩි වී ඇත. ඇතැම් යුරෝපීය රටවල ජනගහණයෙන් සියයට 20 ක් දක්වා ප්‍රමාණයකට තනිකමක් දැනෙන අතර ජපානයේ සමහර වැඩිහිටි පුද්ගලයින් අපරාධවලට යොමු වී ඇත්තේ ඔවුන්ට සිරගෙදර සිටින රැඳවියන් සමඟ ඇසුරු කළ හැකි නිසාය.

සමහර ව්‍යාපාරිකයින් මෙම තනිකමේ වසංගතයට “විසඳුමක්” ඉදිරිපත් කර ඇත – එනම්, “මිතුරෙකු කුලියට ගැනීම” යන්නයි. මෙම පුද්ගලයින් පැයෙන් පැයට කුලියට ගත හැකි අතර ඔබත් සමඟ සාදයකට යෑමට හෝ ආපන ශාලාවකදී හමුවීමට කාලයක් ලබා දීමට ඔවුන්ට හැකි වේ. එවන් “මිතුරෙකුගෙන්” ඇගේ ගනුදෙනුකරුවන් කවුදැයි විමසා තිබුණි. “හුදකලාවේ සිටින, අවුරුදු 30 සිට 40 දක්වා වූ වෘත්තිකයන්,” කියා පැවසු ඇය, තව දුරටත් පැවසුවේ, “දිගු පැය ගණනක් රාජකාරියේ යෙදී සිටින සහ බොහෝ මිතුරන් ඇති කර ගැනීමට කාලය නොමැති අය” බවයි.

දේශනාකාරයා 4 විස්තර කරන්නේ “ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත්” නැති කෙනෙක් ගැනය; “එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත” එහෙත් “ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණේය” (8 පදය). “මම කා උදෙසා වෙහෙස වී…” යනුවෙන් ඔහු අසන්නේ තම දුක්ඛිත තත්ත්වය ගැන අවදි වෙමිනි. සබඳතා සඳහා ආයෝජනය කිරීම වඩා හොඳය, එය ඔහුගේ කාර්ය භාරය සැහැල්ලු කරන අතර කරදර අවස්ථාවලදී උපකාර ලබා දෙන්නේය (9-12 පද). මක්නිසාද යත්, අවසානයේදී මිත්‍රත්වයකින් තොරව සාර්ථකත්වය “අර්ථ විරහිත” වන බැවිනි (8 පදය).

දේශනාකාරයා අපට පවසන්නේ තුන්පට ලණුවක් ඉක්මනින් නොකැඩෙන බවයි (12 පදය). එසේම, එය ඉක්මනින් වියන්නටත් නුපුළුවන. සැබෑ මිතුරන් කුලියට ගත නොහැකි බැවින්, අපව තදින් වියනු ලබන පිණිස ඔවුන්ව පිහිටුවීමට අවශ්‍ය කාලය ආයෝජනය කරමු,