යුරෝපයටත් ආසියාවටත් මැද පිහිටා ඇති ජෝර්ජීයාවේ කෘබෙරා-වොරොන්ජා යනු පෘථිවියේ මෙතෙක් ගවේෂණය කර ඇති ගැඹුරුම ගුහා වලින් එකකි. එහි බොහෝ දුරට සිරස් අතට ඇති ගුහා අඳුරු හා බියකරු වන අතර මීටර් 2,197 ක් දක්වා ගැඹුරට ගවේෂකයන් කණ්ඩායමක් ගවේෂණය කර ඇත – එනම් පෘථිවියට අඩි 7,208 ක් ගැඹුරටය. මේ හා සමාන ගුහා, ඒවායින් හාරසියයක් පමණ, රටේ අනෙකුත් ප්‍රදේශවල සහ ලොව පුරා පවතී. මෙවැනි ගුහා නිතරම සොයා ගනු ලබන අතර නව ගැඹුරු වාර්තා පිහිටුවා ඇත.

මැවීමේ අභිරහස් දිගින් දිගටම එළිදරව් වෙමින් පවතින අතර, අප ජීවත් වන විශ්වය පිළිබඳ අපගේ අවබෝධයට එකතු වන දෙවියන්වහන්සේ විසින් අපට රැකබලා ගැනීමට කැඳවා ඇති පෘථිවියේ දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්තයන්ගේ නිර්මාණශීලීත්වය ගැන අපව පුදුමයට පත් කරයි (උත්පත්ති 1:26-28). දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ගැන “ගායනා කරන්න” සහ “ප්‍රීති ඝෝෂා පවත්වන්න” කියා ගීතිකාකරු අප සැමට ආරාධනා කරයි (1 පදය). අපි හෙට දිනදී “මිහිතල දිනය” සමරන විට, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ ඇදහිය නොහැකි කාර්යය සලකා බලමු. එහි අඩංගු සියල්ල – එනම්, අප එය තවමත් සොයාගෙන ඇතත් නැතත් – අප උන්වහන්සේට වැඳ වැටී නමස්කාර කිරීමට හේතුව වන්නේය (6 පදය).

උන්වහන්සේගේ මැවිල්ලේ විශාල භෞතික ස්ථාන පමණක් නොව; අපගේ හදවතේ සියලුම ගැඹුරු දේවල් උන්වහන්සේ දන්නා සේක. ජෝර්ජියාවේ ගුහාවල මෙන් නොව, ජීවිතයේ අඳුරු සහ සමහර විට බියජනක කාල පරිච්ඡේදයන් පසුකර අපි යන්නෙමු. එහෙත් දෙවියන්වහන්සේ එම කාලයන් පවා උන්වහන්සේගේ බලවත් සහ මෘදු රැකවරණයෙහි තබා ගන්නා බව අපි දනිමු. ගීතිකාකරුගේ වචනවලට අනුව, අපි උන්වහන්සේගේ සෙනඟ වන්නෙමු, “උන්වහන්සේගේ අතේ බැටළුවෝය” (7 පදය).