ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නුවර දුම්රිය ස්ථානයක දුම්රියක් එනතුරු බලා සිටින විට, සාමාන්‍ය කලිසමක් සහ කමිසයක් ඇඳගත් තරුණයෙක් එම ස්ථානයේ බංකුවක වාඩිවී සිටියේය. ඔහුට තම ටයි පටිය ඇඳීමට අපහසු බව දුටු වැඩිහිටි කාන්තාවක් ඔහුට උපකාර කිරීමට ඇගේ ස්වාමිපුරුෂයාව උනන්දු කළාය. වයෝවෘද්ධ පුද්ගලයා දණ ගසා ටයි පටිය ගැට ගසන ආකාරය තරුණයාට උගන්වන්නට පටන් ගත් විට, නාඳුනන අයෙකු තිදෙනාගේ ඡායාරූපයක් ගත්තේය. මෙම ඡායාරූපය අන්තර්ජාලය හරහා ප්‍රචලිත වූ විට, බොහෝ නරඹන්නන් මෙම කරුණාවේ ක්‍රියාවේ බලය ගැන අදහස් දැක්වීය.

යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් අන් අයට කරුණාව දැක්වීමෙන් පිළිබිඹු කරන්නේ උන්වහන්සේ අප වැනි මිනිසුන්ට දැක්වූ ආත්ම පරිත්‍යාගශීලී සැලකිල්ලයි. එය දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ප්‍රකාශනයක් වන අතර උන්වහන්සේගේ කැමැත්ත නම් තමන්ගේ ගෝලයන් මෙසේ ක්‍රියා කිරීමයි: එනම්, “අපි විසින් එකිනෙකාට ප්‍රේමකළ යුතුය යන මේය” (1 යොහන් 3:11). යොහන් විසින් සහෝදරයෙකුට හෝ සහෝදරියකට වෛර කිරීම මිනීමැරීමට සමාන කරයි (15 පදය). පසුව, ඔහු ක්‍රිස්තුස්වහන්සේ වෙතට අවධානය යොමු කරන්නේ ප්‍රේමය ක්‍රියාවට නැංවීම කෙසේද යන්නට ආදර්ශයක් ලෙස යි (16 පදය).

පරාර්ථකාමී ප්‍රේමය පරිත්‍යාගයේ විශාල ප්‍රදර්ශනයක් විය යුතු නැත. එයට අවශ්‍ය වන්නේ අපි සෑම දිනකම අපගේ අවශ්‍යතාවලට වඩා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉහළින් තබමින් දෙවියන්වහන්සේගේ ස්වරූපය දරන්නන් සියලු දෙනාගේ වටිනාකම පිළිගැනීමයි. අන් අයගේ අවශ්‍යතා දැකීමට සහ උපකාර කිරීම පිණිස අපට කළ හැකි දේ කිරීමට අප ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන සාමාන්‍ය බව පෙනෙන අවස්ථා පවා, අප ප්‍රේමයෙන් පෙළඹෙන විට පරාර්ථකාමී වේ. අපි අපගේ පුද්ගලික අවකාශයෙන් ඔබ්බට බැලූ විට, අපගේ සුවපහසු කලාපවලින් ඉවත්වී අන් අයට සේවය කිරීමට සහ විශේෂයෙන් අපට දීමට නොමැති වූ අවස්ථාවලදී දීමට උත්සාහ කරද්දී, අපි යේසුස්වහන්සේ මෙන් ප්‍රේම කරන්නෙමු.