මාග්‍රට් නැන්දාගේ අරපිරිමැස්ම ජනප්‍රිය විය. ඇය අභාවප්‍රාප්ත වූ පසු, ඇගේ ඥාති දූවරුන් ඇගේ බඩු බාහිරාදිය වර්ග කිරීමේ කටුක කාර්යය කාන්සාව සමඟ ආරම්භ කළහ. ලාච්චුවක, කුඩා ප්ලාස්ටික් බෑගයක් ඇතුළත පිළිවෙලට අසුරන ලද, කුඩා නූල් කැබලි එකතුවක් ඔවුහු සොයා ගත්හ. ලේබලයක මෙසේ සටහන් ව තිබුණි: “භාවිතයට නූල කෙටි වැඩියි”

ප්‍රයෝජනයක් නැති බව දන්නා දෙයක් තබා ගැනීමට සහ වර්ග කිරීමට යමෙකු පොළඹවන්නේ කුමක් ද? සමහර විට මෙම පුද්ගලයා වරක් අන්ත හිඟකම තුළින් ජීවත් වෙන්නට ඇති කියා නිගමනය කළ හැකිය.

ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයෙන් පලා ගිය විට, ඔවුහු දුෂ්කර ජීවිතයක් අත්හැර ගියහ. නමුත් ඔවුන් ඉතාම සුළු කාලයකින් ඔවුන්ගේ නික්ම යාමේදී දෙවියන්වහන්සේගේ ආශ්චර්යමත් හස්තය අමතක කර ආහාර හිඟකම ගැන පැමිණිලි කිරීමට පටන් ගත්හ.

දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් උන්වහන්සේව විශ්වාස කිරීමටයි. ඔවුන්ගේ කාන්තාර ගමනේදී ආහාර සඳහා උන්වහන්සේ මන්නා සැපයූ අතර, මෝසෙස්ට පැවසුවේ, “සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා” (නික්මයාම 16:4) යනුවෙනි. සබත් දවසේදී මන්නා නොවැටෙන නිසා හයවෙනි දවසේදී දෙගුණයක් එකතු කර ගන්නා ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ට උපදෙස් දුන්සේක (5, 25 පද). සමහර ඊශ්‍රායෙල්වරු සවන් දුන් අතර සමහරු එසේ නොකළහ, එයින්, අයහපත් ප්‍රතිඵල අත්දුටුවෝය (27-28 පද).

බලාපොරොත්තු සුන් වූ කාලවලදී සහ මංමුලා සහගත අවස්ථාවන්හිදී, පාලනය කර ගත නොහැකි උත්සාහයක ඇලී සිටීමට, රැස් කිරීමට පෙළඹේ. සෑම දෙයක්ම අපේම වියරු හෝ නොඉවසිලිවන්ත දෑත්වලට ගැනීමට අවශ්‍ය නැත. “ඉතිරි නූල සුරැකීමට” හෝ කිසිවක් රැස් කිරීමට අවශ්‍ය නැත. අපගේ ඇදහිල්ල ඇත්තේ දෙවියන්වහන්සේ කෙරෙහිය. අපගේ ඇදහිල්ල, “මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි” (හෙබ්‍රෙව් 13:5) පොරොන්දු වූ දෙවියන්වහන්සේ කෙරෙහි තබමු.