තරුණ විශ්වවිද්‍යාලීය දේව සේවකයා කරදරයෙන් සිටියේය. දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම සඳහා සහ උන්වහන්සේගේ උපකාරය සඳහා ඔහු යාච්ඤා කරන්නේ දැයි ඇසීමට මා නිර්භීත වූ විට, ඔහු තුළ ගැටුම්කාරී බවක් පෙනෙන්නට තිබුණි. එනම්, පාවුල් ඉල්ලා සිටි පරිදි, නොනවත්වා යාච්ඤා කිරීම ගැනයි. පිළිතුරු වශයෙන්, තරුණයා මෙසේ පාපොච්චාරණය කරමින්, “තවදුරටත් යාච්ඤාව ගැන මට විශ්වාසක් නැත.” කියා ඔහුගේ නළල රැලි කරමින් කීවේය. “එසේම දෙවියන්වහන්සේ සවන් දෙන බව මට විශ්වාස කිරීමට නුපුළුවන. ලෝකය දෙස බලන්න” යැයි කියමින් තමාගේ මතය ඉදිරිපත් කළේය. එම තරුණ නායකයා තමාගේ ශක්තියෙන් සේවයක් “ගොඩනගමින්” සිටි අතර, කනගාටුදායක ලෙස ඔහු අසාර්ථක විය. හේතුව? ඔහු දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමය.

සභාවේ මුල්ගල වශයෙන් යේසුස්වහන්සේව, සැමවිටම ප්‍රතික්ෂේප වී ඇත- ඇත්ත වශයෙන්ම, එය ආරම්භ වන්නේ උන්වහන්සේගේම සෙනඟගෙනි (යොහන් 1:11). ඔවුන්ගේ ජීවිතද, වැඩ සහ සභාවන්ද අඩු පදනම් මත ගොඩනඟා ගැනීමට අරගල කරමින්ද – ඔවුන්ගේම යෝජනා ක්‍රම, සිහින සහ වෙනත් විශ්වාස කළ නොහැකි අත්තිවාරම් මත ගොඩ නැංවීමට උත්සහ කරමින් බොහෝ අය අදටත් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරති. එහෙත්, අපගේ යහපත් ගැළවුම්කරුවා පමණක් අපගේ ශක්තිය සහ ආරක්ෂාව වේ (ගීතාවලිය 118:14). ඇත්ත වශයෙන්ම, “ගෙය සාදන්නන් විසින් එපාකළ ගලම කොනේ ප්‍රධාන ගල විය” (22 පදය).

අපගේ ජීවිත වල ප්‍රධාන කොනේ ගල වෙමින් උන්වහන්සේගේ ඇදහිලිවන්තයන් උන්වහන්සේ වෙනුවෙන් ඉටු කිරීමට උත්සාහ කරන ඕනෑම දෙයක් සඳහා එකම නිවැරදි පෙළගැස්ම උන්වහන්සේ සපයයි. එබැවින් අපි උන්වහන්සේට මෙසේ යාච්ඤා කරමු, “ස්වාමිනි, දැන් අප ගැළෙවුව මැනව” (25 පදය). එහි ප්‍රතිඵලය කුමක්ද? “ස්වාමීන්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය” (26 පදය) යන්නයි. උන්වහන්සේ ශක්තිමත් සහ යහපත් බැවින් අපි උන්වහන්සේට ස්තුති කරමු.