විකට නළු ජෝන් බ්‍රැන්යන් පැවසුවේ, “අපි හිනාවෙන්න හිතුවේ නැහැ; එය අපගේ අදහස නොවීය. එය අපට ලබා දුන්නේ ජීවිතය ගත කිරීමට අපට එය අවශ්‍ය බව දැන සිටි දෙවියන්වහන්සේ විසිනි. අපට දුෂ්කරතා ඇති වෙන්නට පුළුවන් බවත්, අපට අරගල ඇති විය හැකි බවත් උන්වහන්සේ දැන සිටි සේක. අප ජීවත් වන කාලය තුළ නොයෙකුත් අභියෝගයන් වලට මුහුණ දීමට සිදුවන බව දෙවියන්වහන්සේ දැන සිටි සේක. ‘සිනහව’ ත්‍යාගයකි” කියාය.

දෙවියන්වහන්සේ විසින් මවන ලද ජීවීන් දෙස බැලීමෙන් උන්ගේ අමුතු ඉරියව් සිනහවක් ඇති කළ හැකිය. උන්වහන්සේ සාගරයේ ජීවත් වන ක්ෂීරපායින් සහ පියාසර කළ නොහැකි දිගු පාද ඇති කුරුල්ලන් සෑදු සේක. දෙවියන්වහන්සේට පැහැදිලිවම හාස්‍යජනක හැඟීමක් ඇත්තේය; අපව මවා ඇත්තේද උන්වහන්සේගේ ස්වරූපයෙන් බැවින්, අපටද සිනහවේ ප්‍රීතිය ඇත.

බයිබලයේ සිනහව යන වචනය අපි මුලින්ම දකින්නේ ආබ්‍රහම් සහ සාරාගේ කතාවෙනි. දෙවියන්වහන්සේ මෙම වයෝවෘද්ධ යුවළට දරුවෙකු ලබා දීමට පොරොන්දු වූ සේක: “නුඹ තුළෙන් නික්මෙන කෙනෙක්ම නුඹේ උරුමක්කාරයා වන්නේයයි කීය” (උත්පත්ති 15:4). තව දුරටත් දෙවියන්වහන්සේ පැවසුවේ, “අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක” (5 පදය). අවසානයේදී සාරා වයස අවුරුදු අනූවේදී දරුවෙක් ප්‍රසූත කළ විට, ආබ්‍රහම් ඔවුන්ගේ පුතුට ‘ඊසාක්’ යන නම තැබීය, එහි අර්ථය “සිනාසීම” යන්නයි. “දෙවියන්වහන්සේ මා සිනාසෙන්ට සැලැස්වූසේක; ඒ අසන සියල්ලන් මා සමඟ සිනාසෙනවා ඇතැයි සාරා කීවාය” (21:6). ඇගේ වයසේදී දරුවෙකුට කිරි දීමට ඇයට හැකි වීම ඇයව පුදුමයට පත් කළාය! ඇය දරුවෙකු පිළිසිඳ ගත් බව ඇසූ විට ඇගෙන් මතුවූ සැක සහිත සිනහව (18:12) ප්‍රීතියේ සිනහවක් බවට දෙවියන්වහන්සේ වෙනස් කළ සේක.

‘සිනහවේ’ ත්‍යාගය නිසා දෙවියන්වහන්සේට ස්තූතියි!