පසුගිය වසන්තයේ, අපේ ගෙවත්තේ තණ පිටියේ පස පෙරලීමට සැලසුම් කළ දිනට පෙර දින රාත්‍රියේදී, ප්‍රචණ්ඩ සුළි කුණාටුවකින් අපේ මේපල් ගසේ බීජ එක සැනින් ගනසාගෙ ගියේය. ඉතින් පස පෙරලන යන්ත්‍රය අධික ලෙස තද වී තිබූ පස කඩා දැමූ විට කුඩා “ඇට සහිත මේපල් මද” ඇඹරී මිදුල පුරා ගියේය. එයින් මගේ මිදුලේ මේපල් බීජ සිය ගණනක් රෝපණය වූයේය. සති දෙකකට පසුව, මගේ තණකොළ සහිත පිට්ටනිය හරහා වැඩෙන මේපල් වනාන්තරයක ආරම්භය මට දක්නට ලැබුණි!

මම (කලකිරීමෙන්) පිලිවෙලක් නැතිව වැඩුනු ශාක පත්‍ර නිරීක්ෂණය කරන විට, තනි ගසකින් බිහි වී ඇති නව ජීවයේ බහුලත්වයෙන් පුදුමයට පත් වීමි. සෑම කුඩා ගසක් තුළින්ම මට ක්‍රිස්තුස්වහන්සේ තුළ නව ජීවිතය පිළිබඳ පින්තූරයක් සිතේ මැවුණි – එනම්, මට, එක් පුද්ගලයෙකු ලෙස, අන් අය සමඟ මෙම නව ජීවිතය බෙදා ගත හැකි බවයි. අපගේ ජීවිත කාලය තුළ “නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන” (1 පේත්‍රැස් 3:15) කීමට අප එකිනෙකාට අසීමිත අවස්ථාවන් ලැබෙනු ඇත.

අපි යේසුස්වහන්සේගේ බලාපොරොත්තුවෙන් “ධර්මිෂ්ඨකම නිසා දුක් විඳින” විට (14 පදය), එය අප අවට සිටින අයට පෙනෙන අතර තවමත් දෙවියන්වහන්සේව පෞද්ගලිකව නොදන්නා අයට එය කුතුහලය දනවන කරුණක් විය හැකිය. ඔවුන් අසන විට අප සූදානම් නම්, එවිට දෙවියන්වහන්සේගේ නව ජීවයක් ගෙනෙන බීජය අපට බෙදා ගත හැකිය. යම් ආකාරයක අධ්‍යාත්මික සුළං කුණාටුවක් සේ, අපට එය සියලු දෙනා සමඟ එකවර බෙදා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. ඒ වෙනුවට, අපි මෘදු හා ගෞරවාන්විතව ඇදහිල්ලේ බීජය එය පිළිගැනීමට සූදානම් හදවතකට රෝපණය කරමු.