“මරණයට බිය නොවන්න, විනී,” ඇන්ගස් ටක් පැවසුවාය, “ජීවත් නොවූ ජීවිතයට බිය වන්න.” ටක් එවලාස්ටින් නමැති පසුව චිත්‍රපටියකට නංවන ලද පොතෙන් උපුටා ගත් එම වදන වඩාත් රසවත් වන්නේ එය මිය යා නොහැකි චරිතයකින් එන බැවිනි. කතාවට අනුව, ටක් පවුල අමරණීය වී ඇත. විනී සමඟ ප්‍රේමයෙන් බැඳුණු තරුණ ජෙසී ටක්, ඔවුන්ට සදහටම එකට සිටීමට හැකි වන පරිදි අමරණීයත්වය සොයන ලෙස විනීගෙන් අයැද සිටියේය. නමුත් සදහටම ජීවත්වීමෙන් තෘප්තියක් නොලැබෙන බව බුද්ධිමත් ඇන්ගස් තේරුම් ගත්තාය.

සදාකාලිකව නිරෝගීව, තරුණව, ජවසම්පන්නව සිටිය හැකි නම්, අප සැබවින්ම සතුටින් සිටින බව අපේ සංස්කෘතිය අපට කියයි. නමුත් අපගේ තෘප්තිය සොයා ගත හැක්කේ එතැනින් නොවේ. කුරුසියට යාමට පෙර, යේසුස්වහන්සේ තම ගෝලයන් සහ අනාගත ඇදහිලිවන්තයන් වෙනුවෙන් යාච්ඤා කළ සේක. උන්වහන්සේ මෙසේ කී සේක : “සදාකාල ජීවනය නම් මේය–එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය” (යොහන් 17:3). අපගේ ජීවිතයේ තෘප්තිය පැමිණෙන්නේ යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තුළින් දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවයෙනි. අනාගතය සඳහාත් සහ අද දවස සඳහාත් අපගේ එකම බලාපොරොත්තුව උන්වහන්සේ වන සේක.

යේසුස්වහන්සේ යාච්ඤා කළේ තම ගෝලයන් නව ජීවන රටාවන් ලබා ගන්නා ලෙසටයි: ඔවුන් දෙවියන්වහන්සේට කීකරු වන ලෙසත් (6 පදය), පියාණන් වන දෙවියන්වහන්සේ විසින් යේසුස්වහන්සේව එවන ලද බව විශ්වාස කරන ලෙසත් (8 පදය), සහ එක් අයෙකු ලෙස එක්සත් වන ලෙසත් ය (11 පදය). ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් වශයෙන්, අපි උන්වහන්සේ සමඟ අනාගත සදාකාලික ජීවිතයක් බලාපොරොත්තු වෙමු. නමුත් පොළොව මත ජීවත් වන මෙම කාලයේදී, මෙම ස්ථානයේදීම සහ මෙම මොහොතේදීම අපට උන්වහන්සේ පොරොන්දු වූ “පොහොසත් හා තෘප්තිමත් ජීවිතයක්” (10.10 ඉංග්‍රීසි NLT පරිවර්තනය) ගත කළ හැකිය.