මගේ පුතාට විකලාංග සැත්කමක් අවශ්‍ය වූ විට, සැත්කම කළ වෛද්‍යවරයාට මම ස්තුතිවන්ත වීමි. විශ්‍රාම යාමට ආසන්නව සිටි වෛද්‍යවරයා, එම ගැටලුව ඇති දහස් ගණනකට තමා උදව් කර තිබෙන බවට අපට සහතික විය. එසේ වුවද, සැත්කම කිරීමට පෙර, ඔහු යාච්ඤා කර හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එසේම, ඔහු එසේ කළ අතර ඒ ගැන මම කෘතඥ වෙමි.

අත්දැකීම් ලත් ජාතික නායකයෙකු වූ යෙහෝෂාපාට් ද අර්බුදයකදී යාච්ඤා කළේය. ඔහුට විරුද්ධව ජාතීන් තුනක් එකතු වී සිටි අතර, ඔවුහු ඔහුගේ සෙනඟට පහර දීමට පැමිණෙමින් සිටියහ. දශක දෙකකට වැඩි අත්දැකීම් තිබුණත් දෙවියන්වහන්සේගෙන් කුමක් කළ යුතු දැයි විමසන්නට ඔහු තීරණය කළේය. ඔහු මෙසේ යාච්ඤා කළේය, “අපේ දුකේදී ඔබට යාච්ඤාකරන්නෙමුව, එවිට ඔබ ශ්‍රවණය කොට ගළවනසේකැයි කීවෝය” (2 ලේකම් 20:9). “අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේ” (12 පදය) යනුවෙන් ඔහු මඟ පෙන්වීම ද ඉල්ලා සිටියේය.

අභියෝගයට යෙහෝෂාපාට්ගේ නිහතමානී ප්‍රවේශය, දිරිගැන්වීමේ සහ දිව්‍යමය මැදිහත්වීමේ ස්වරූපයෙන් පැමිණි දෙවියන්වහන්සේගේ මැදිහත්වීම සඳහා ඔහුගේ හදවත විවෘත කළේය (15-17, 22 පද). සමහර රාජකාරිවල අපට කොතරම් අත්දැකීම් තිබුණත්, උපකාර ඉල්ලා යාච්ඤා කිරීම දෙවියන්වහන්සේ කෙරෙහි ශුද්ධ වූ විශ්වාසයක් වර්ධනය කරයි. එය අපට මතක් කර දෙන්නේ උන්වහන්සේ අපට වඩා බොහෝ දේ දන්නා බවත්, අවසානයේදී උන්වහන්සේ පාලනය කරන බවත්ය. එය අපව නිහතමානී ස්ථානයක එනම්, ප්‍රතිඵලය කුමක් වුවත්, අපට ප්‍රතිචාර දැක්වීමට සහ සහාය දීමට උන්වහන්සේ සතුටු වන ස්ථානයක තබනු ලබයි.