අපරාධය දරුණු එකක් වූ අතර, එය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. ඊළඟ වසරවලදී, එම මිනිසා – හුදකලා වූ සිරකඳවුරේදී – මානසික හා අධ්‍යාත්මික සුව කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළේය. එය පසුතැවිලි වීමට සහ යේසුස්වහන්සේ සමඟ නැවත සබඳතාවක් ඇති කිරීමට හේතු විය. මේ දිනවල ඔහුට වෙනත් සිරකරුවන් සමඟ හවුල් විම සඳහා සීමිත අවසර ලැබී තිබුණි. තවද, දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, ඔහුගේ සාක්ෂිය තුළින්, උන්වහන්සේ තුළ සමාව ලබා ගනිමින් සමහර සෙසු සිරකරුවන් ක්‍රිස්තුස්වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තෝය.

මෝසෙස් විශ්වාසවන්ත ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු ලෙස දැන් පිළිගත්තත්, ඔහුද දරුණු අපරාධයක් කළේය. ඔහු “එවිට ඔහු තමාගේ සහෝදරවූ හෙබ්‍රෙව්වෙකුට මිසරයෙක් ගහනවා දුටීය.” දුටු පසු, ඔහු “ඔහු ඔබ මොබ බලා කිසිවෙකු ළඟ නොසිටි බව දැක මිසරයා මරා වැල්ලෙහි සැඟෙවුවේය” (නික්මයාම 2:11-12). මෙම පාපය තිබියදීත්, දෙවියන්වහන්සේ උන්වහන්සේගේ කරුණාවෙන් උන්වහන්සේගේ අසම්පූර්ණ සේවකයා සමඟ ගනුදෙනු අවසන් නොකළ සේක. පසුව, උන්වහන්සේ තම සෙනඟව ඔවුන්ගේ පීඩාවෙන් නිදහස් කිරීමට මෝසෙස් තෝරා ගත් සේක (3:10). රෝම 5.14 හි, අපි කියවන්නේ, “එසේවී නුමුත් ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වරදකිරීමේ ආකාරයෙන් පව් නොකළවුන් කෙරෙහි පවා මරණය රජකම්කෙළේය” කියාය. නමුත් ඊලඟ පද වලදී පාවුල් පවසන්නේ අපගේ අතීත පාපයන් තිබුණත් “දෙවියන්වහන්සේගේ කරුණාව” නිසා වෙනස් වී උන්වහන්සේ සමග නිවැරදි වෙන්න අපට හැකියාව ලැබෙන බවයි (15-16 පද).

අප කළ දේ දෙවියන්වහන්සේගේ සමාව ගැන දැන ගැනීමට සහ උන්වහන්සේගේ ගෞරවය සඳහා අපව යොදා ගැනීමට නුසුදුසු කමක් ලෙස අපට සිතෙනු ඇත. නමුත් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ කරුණාව කරණකොට ගෙන අපට වෙනස් වී සදාකාලය වෙනුවෙන් අන් අයව වෙනස් කිරීමට අපට නිදහස ලබා ගත හැකිය.