සෑම විටම කාර්යබහුල පුද්ගලයෙක් වූ, කාර්සන්, දඩයම් කිරීම, මසුන් ඇල්ලීම, කුණු ගෙන යන බයිසිකල් පැදවීම සහ ස්කේට්බෝඞ් පැදවීම යනාදී කාර්යන් කළේය. ඔහු එළිමහනේ සෑම දෙයකටම ආදරය කළේය. නමුත් ඔහු යතුරුපැදි අනතුරකට ලක්ව පපුව සිට මුළු ශරීරයම අකර්මණ්‍යවූ තත්ත්වයකට පත් වුණේය. වැඩි කල් යන්නට මත්තෙන් මානසික අවපීඩනයේ ඔහු ගිලී ගිය අතර, ඔහු අනාගතයක් ගැන එතරම් දුටුවේ නැත. පසුව දිනක් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු ඔහුව නැවත දඩයමේ යන ලෙසට පොළඹවා ගත්තෝය. වටපිටාවේ සුන්දරත්වය විඳිමින් සිටි ඔහුට තම තුවාලය ටික වේලාවකට අමතක විය. මෙම අත්දැකීම ඔහුට අභ්‍යන්තර සුවයක් ගෙන දෙමින් ඔහුගේ ජීවිතයට නව අරමුණක් ගෙන දුන්නේය. එනම් ලාභ නොලබන සංවිධානයක් වන “හන්ට් ටූ හීල්” (සුවය සඳහා දඩයම් කරන්න) හරහා ඔහු වැනි අනෙක් අයට එම අත්දැකීම ලබා දීමයි. ඔහු පවසන්නේ ඔහුගේ අනතුර “වෙස්වළාගත් ආශීර්වාදයක්” බවයි. මට නිතරම කිරීමට අවශ්‍ය වූ දේ, දැන් මට ආපසු ලබා දිය හැකිය. මට සතුටුයි.” දැඩි චලන ආබාධ සහිත අයට සහ ඔවුන්ගේ භාරකරුවන්ට සුවය සොයා ගැනීමට ස්ථානයක් ලබා දීම ගැන ඔහු සතුටු වේ.

කැඩුණු බිඳුණු අය සඳහා සුවයක් ගෙන එන තැනැන්වහන්සේගේ පැමිණීම ගැන අනාගතවක්තෘ යෙසායා පුරෝකථනය කළේය (යෙසායා 61). උන්වහන්සේ “බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ට,” සහ “වැළපෙන සියල්ලන් සනසන්ට” (1-2 පද) එන සේක. යේසුස්වහන්සේ මෙම ශුද්ධ ලියවිල්ල උන්වහන්සේගේ උපන් නගරයේ සිනගෝගයේදී කියවීමෙන් පසු, “අද නුඹලා අසා සිටියදී මේ සියල්ල සම්පුර්ණ වීයයි” කී සේක (ලූක් 4: 21). යේසුස්වහන්සේ පැමිණියේ අපව ගළවාගෙන සම්පුර්ණ කිරීමටය.

ඔබට අභ්‍යන්තර සුවයක් අවශ්‍යද? යේසුස්වහන්සේ වෙත හැරෙන්න, එවිට උන්වහන්සේ ඔබට “ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයක්” ලබා දෙන සේක (යෙසායා 61:3).