වරක් කාන්තාවක් ඇගේ දේවස්ථානය බෙදා වෙන් කළ මතභේදයක් ගැන මට පැවසුවාය. “එකඟ නොවීමට හේතුව කුමක්දැ”යි මම ඇසුවෙමි. “පෘථිවිය පැතලිද” යන්නැයි ඇය පැවසුවාය. මාස කිහිපයකට පසු, ආපනශාලාවේ පිටුපස කාමරයේ අපයෝජනයට ලක් වූ බව කියන ළමයින් බේරා ගැනීමට ආයුධ සන්නද්ධව කඩා වැදුණු කිතුනු මිනිසෙකු පිළිබඳ පුවතක් වාර්තා විය. පිටුපස කාමරයක් නොතිබූ අතර, එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අවස්ථා දෙකේදීම, සම්බන්ධ වූ පුද්ගලයින් අන්තර්ජාලයේ කියවන කුමන්ත්‍රණ න්‍යායන් මත ක්‍රියා කළහ.

යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන් හොඳ පුරවැසියන් වීමට කැඳවනු ලැබේ (රෝම 13:1-7), හොඳ පුරවැසියන් වැරදි තොරතුරු පතුරුවන්නේ නැත. ලූක්ගේ කාලයේ, යේසුස්වහන්සේ ගැන බොහෝ කථා පැතිර ගියේය (ලූක් 1:1), එයින් සමහර කථා නිවැරදි නොවීය. ලූක් තමාට ඇසූණු සෑම දෙයක්ම ප්‍රචාර නොකරමින්, ඒ වෙනුවට, විමර්ශන මාධ්‍යවේදියෙකු බවට පත් විය, ඇසින් දුටු සාක්ෂිකරුවන් සමඟ කතා කරමින් (2 පදය), “මුල සිට සියල්ල” පර්යේෂණය කොට (පදය 3) සහ ඔහුගේ සොයාගැනීම්, පුද්ගලයන්ගේ නම්, උපුටා දැක්වීම් සහ ඓතිහාසික දත්ත ඇතුළත් නිවැරැදිතාවය විමසා නොබැලූ ප්‍රකාශයන් නොව ප්‍රථමයෙන් දැනගත් පුද්ගලයන් මත පදනම් වූ කරුණු තමන් විසින් ලියූ ශුභාරංචියට ඇතුළත් කළේය.

අපටත් එසේම කළ හැකිය. අසත්‍ය තොරතුරු දේවස්ථාන බෙදා වෙන් කර, ජීවිත අවදානමට ලක් කළ හැකි බැවින්, කරුණු පරීක්ෂා කිරීම අපගේ අසල්වැසියාට ප්‍රේම කිරීමේ ක්‍රියාවක් වන්නේය (10:27). සංවේදී පුවතක් අප වෙත පැමිණි විට, අපට එහි ප්‍රකාශයන් ගැන සුදුසුකම් ලත්, වගකිව යුතු විශේෂඥයින් සමඟ නිවැරදිතාවය විමසිය හැකිය. එනම් සත්‍ය සොයන්නන් වී දෝෂ පතුරුවන්නන් නොවීමෙනි. එවැනි ක්‍රියාවන් ශුභාරංචියට විශ්වාසනීයත්වයක් ගෙන එයි. ඇත්ත වශයෙන්ම, අපි නමස්කාර කරන්නේ සත්‍යයෙන් පිරුණු තැනැන්වහන්සේටමය (යොහන් 1:14).