මැරතන් ධාවන තරඟයක් යනු ශාරීරිකව හා මානසිකව ඔබව ඉදිරියට තල්ලු කිරීමකි. කෙසේ වෙතත්, එක් උසස් පාසල් ධාවකයෙකුට, රට හරහා දිවීමේ තරඟයකට තරඟ කිරීම යනු වෙනත් අයෙකු තල්ලු කිරීමයි. සෑම පුහුණුවීම් සහ ක්‍රීඩා තරඟවලදී, දහහතර හැවිරිදි සූසන් බර්ජ්මන් වැඩිමහල් සහෝදරයා වන ජෙෆ්රිව ඔහුගේ රෝද පුටුවේ තබා තල්ලු කර ගෙන යන්නීය. ජෙෆ්රිගේ වයස මාස විසි දෙකේදී, ඔහු හෘදයාබාධයකට ලක් වූ අතර ඔහුගේ මොළයට දරුණු ලෙස හානිවී අංශභාගය ඇති විය. ජෙෆ්රිට ඇය සමඟ තරඟ කළ හැකි වන පරිදි අද සූසන් පුද්ගලික ධාවන ඉලක්ක කැප කරයි. මොනතරම් ආදරයක් සහ පරිත්‍යාගයක්ද!

“සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහ වන්න” කියා ප්‍රේරිත පාවුල් තම පාඨකයන් දිරිගන්වන විට ප්‍රේමය සහ පරිත්‍යාගය සිතේ තබාගෙන සිටියේය (රෝම 12:10). රෝමයේ ඇදහිලිවන්තයන් ඊර්ෂ්‍යාව, කෝපය සහ තියුණු මතභේදයන් සමඟ පොරබදමින් සිටින බව ඔහු දැන සිටියේය (18 පදය). එමනිසා, දිව්‍ය ප්‍රේමයට ඔවුන්ගේ හදවත් පාලනය කිරීමට ඉඩ හරින ලෙසට ඔහු ඔවුන්ව දිරිමත් කළේය. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය තුළ මුල් බැසගත් මෙවැනි ප්‍රේමයක් අන්‍යයන් සඳහා හැකි උපරිම යහපත උදෙසා සටන් කරනු ඇත. එය අවංක වනු ඇත, එසේම, එය ත්‍යාගශීලී ලෙස බෙදාගැනීමකට තුඩු දෙනු ඇත (13 පදය). මේ ආකාරයෙන් ප්‍රේම කරන අය තමාට වඩා අන් අය ගෞරවයට සුදුසු යැයි සැලකීමට උනන්දු වෙති (16 පදය).

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් ලෙස, අපි ප්‍රේමයේ ධාවන තරඟයක දුවන අතරම අනෙක් අයට තරඟය අවසන් කිරීමට උදව් කරන්නෙමු. එය දුෂ්කර වුවත්, එය යේසුස්වහන්සේට ගෞරවයක් ගෙන දෙයි. එබැවින්, ප්‍රේමය වෙනුවෙන්, අන් අයට ප්‍රේම කිරීමට සහ සේවය කිරීමට අපට ශක්තිය ලබා දීමට උන්වහන්සේ මත රඳා සිටිමු.