වලස් අම්මෙකු විසින් කාර්යබහුල වීථියක් හරහා තම ජවසම්පන්න කුඩා පැටවුන් හතර දෙනා රැගෙන යාමට උත්සාහ කරන වීඩියෝවක් මට සිනහවක් ගෙන ආවේය. ඇය තම පැටවුන් එකින් එකා උස්සාගෙන පාර හරහා ගෙන ගියත් සිදුවූයේ පැටවුන් නැවත අනෙක් පැත්තට යාම පමණි. බලාපොරොත්තු සුන් කරවන සුළු ප්‍රයත්න ගණනාවකට පසුව, වලස් අම්මා අවසානයේ ඇගේ පැටවුන් හතර දෙනාම සම්බන්ධ කර ගෙන, උන්ව ආරක්ෂිතව මාර්ගය හරහා ගෙන ගියාය.

වීඩියෝ පටයේ සංඛේතවත් කර ඇති දෙමාපියන් වෙහෙස නොබලා වැඩ කිරීම, තෙසලෝනික සභාවේ ජනයා කෙරෙහි තමා දක්වන සැලකිල්ල විස්තර කිරීමට පාවුල් භාවිතා කළ රූපවලට ගැලපේ. තමාගේ අධිකාරිය අවධාරණය කරනවා වෙනුවට, අපෝස්තුළුවරයා ඔවුන් අතර තම වැඩ කටයුතු කුඩා දරුවන් රැකබලා ගන්නා මවකට සහ පියෙකුට සංසන්දනය කළේය (1 තෙසලෝනික 2:7, 11). “දෙවිියන්වහන්සේට ඔබින ලෙස හැසිරෙන හැටියට” (12 පදය) තෙසලෝනිකයන් දිරිමත් කිරීමට සැනසීමට සහ උනන්දු කිරීමට පාවුල් අඛණ්ඩ උත්සාහයකට පෙළඹුනේ තෙසලෝනිකයන්ට දැක්වූ ගැඹුරු ප්‍රේමය නිසාය (12 පදය). දේවභක්තික ජීවිතයක් සඳහා වූ මෙම ප්‍රේමණීය ආශාව ඔහුට ඇති වුයේ ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකින්ම ඔවුන් දෙවියන්වහන්සේට ගෞරව කරනු දැකීමටය.

විශේෂයෙන්ම වගකීම් අපව වෙහෙසට පත් කරන අවස්ථාවලදී පාවුල්ගේ ආදර්ශය අපගේ සියලුම නායකත්ව අවස්ථා වලදී අපට මග පෙන්වීමක් ලෙස සේවය කළ හැකිය. දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් බලගැන්වී, අපගේ රැකවරණය යටතේ සිටින අයට මෘදුව සහ නොපසුබටව ප්‍රේම කරමින්, ඔවුන්ව දිරිගන්වමින් යේසුස්වහන්සේ වෙතට ඔවුන්ට මඟ පෙන්විය හැකිය.