මම දේවස්ථානයක තරුණ නායකයෙකු ලෙස වැඩ කිරීමට පටන් ගෙන තරුණ තරුණයින් කිහිප දෙනෙකු හමු වීමි. ඊළඟ ඉරිදා, මම, තම මව අසල වාඩි වී සිටි තරුණියකට කතා කළෙමි. මම සිනහමුසු මුහුණින් සිටි එම ලජ්ජාශීලි තරුණියට ආචාර කර, ඇයගේ නම කියා “ඔබට කොහොමද” කියා ඇසුවෙමි. ඇය හිස එසවූ අතර ඇගේ ලස්සන දුඹුරු ඇස් විශාල විය. ඇයද සිනාහසෙමින් සියුම් හඬින් පැවසුවේ “ඔබට මගේ නම මතකයි” කියායි. වැඩිහිටියන්ගෙන් පිරී ඉතිරී යන දේවස්ථානයක නොසැලකිලිමත් යැයි හැඟුණු තරුණියෙකුට තමන්ගේ නමින් ඇමතීමෙන් මම විශ්වාසනීය සම්බන්ධතාවයක් ආරම්භ කළෙමි. ඇයට තමාව දුටුවේය සහ අගය කරන ලද්දේය යන හැඟීමක් ඇති විය.

යෙසායා 43 හි, දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට ඒ හා සමාන පණිවුඩයක් ලබා දීමට අනාගතවක්තෘ යෙසායා භාවිතා කරන සේක: ඒ ඔවුන්ව දැක ඇති අතර ඔවුන්ව අගය කරන ලද බවයි. වහල්භාවයෙන් සහ පාළුකරයේ කාලය තුළ පවා දෙවියන්වහන්සේ ඔවුන්ව දුටු අතර “නමින්” ඔවුන්ව දැන සිටි සේක (1 පදය). ඔවුන් ආගන්තුකයන් නොවීය; ඔවුන් උන්වහන්සේට අයිති විය. ඔවුන් අතහැර දමා ඇති බවක් දැනුණත්, ඔවුන් “වටිනා” අය වූ අතර, උන්වහන්සේගේ “ප්‍රේමය” ඔවුන් සමඟ විය (4 පදය). දෙවියන්වහන්සේ ඔවුන්ව නමින් දැන සිටි බව මතක් කරමින් විශේෂයෙන් දුෂ්කර කාලවලදී උන්වහන්සේ ඔවුන් වෙනුවෙන් කරන සෑම දෙයක්ම බෙදා ගත් සේක. ඔවුන් පරීක්ෂාවලට මුහුණ දුන් විට, උන්වහන්සේ ඔවුන් සමඟ සිටිනු ඇත (2 පදය). දෙවියන්වහන්සේ ඔවුන්ගේ නම් මතක තබා ගෙන සිටි බැවින් ඔවුන්ට බිය වීමට හෝ කරදර වීමට අවශ්‍ය නොවීය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෑම දරුවෙකුගේම නම් දන්නා අතර එය සුබ ආරංචියක් වන්නේ, විශේෂයෙන් අප ජීවිතයේ ගැඹුරු, දුෂ්කර ජලය හරහා ගමන් කරන විටදීය.