එමරි විශ්ව විද්‍යාලයේ, පර්යේෂකයන් විසින් එම් ආර් අයි (MRI) ස්කෑන් යන්ත්‍ර මගින් ආච්චිලාගේ මොළ අධ්‍යයනය කරන ලදී. ඔවුන්ගේම මුණුපුරා හෝ මිණිපිරි හෝ, ඔවුන්ගේම වැඩිහිටි දරුවා සහ එක් නිර්නාමික දරුවෙකු ඇතුළත් රූපවලට ඔවුන්ගේ සංවේදී ප්‍රතිචාර මැනිය. අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ ආච්චිලා තම වැඩිහිටි දරුවාට වඩා තම මුණුපුරා හෝ මිනිබිරි කෙරෙහි ඉහළ සංවේදීතාවයක් දක්වන බවයි. මෙය ඔවුන් “හුරුබුහුටි සාධකය” ලෙස හඳුන්වන දෙයට ආරෝපණය කර ඇත්කේ ඔවුන්ගේ මුණුබුරා හෝ මිණිපිරිය වැඩිහිටි දරුවාට වඩා “ආදරණීය” වීම හේතුවෙනි.

“හොඳයි!” කියා අපි කියන්න කලින්, අධ්‍යයනය සිදු කළ ජේම්ස් රිලින්ගේ වචන ගැන අපට සලකා බැලිය හැකිය: “ඔවුන්ගේ මුණුපුරා සිනාසෙන්නේ නම්, “ආච්චි” ට දරුවාගේ ප්‍රීතිය දැනෙයි. ඔවුන්ගේ මුණුපුරා හෝ මිනිපිරි අඬනවා නම්, ආච්චිට දරුවාගේ වේදනාව සහ දුක දැනෙයි”.

එක් අනාගතවක්තෘවරයෙක් තම සෙනඟ දෙස බලන විට දෙවියන්වහන්සේගේ හැඟීම් පිළිබඳ “එම් ආර් අයි, රූපයක්” පින්තාරු කරයි: “උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීති වී, . . .ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත් වන සේක” (ශෙපනියා 3:17). සමහරු මෙය පරිවර්තනය කරන්නේ, “ඔබ උන්වහන්සේගේ සිත ප්‍රීතියෙන් පුරවනු ලබයි සහ උන්වහන්සේ මහ හඬින් ගී ගයන සේක” යනුවෙනි. සංවේදී ආච්චි කෙනෙකු මෙන්, දෙවියන්වහන්සේට අපගේ වේදනාව දැනේ: එනම්, “ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක් වූ සේක” (යෙසායා 63:9), සහ අපගේ ප්‍රීතිය උන්වහන්සේට දැනෙන සේක: “මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක” (ගීතාවලිය 149:4).

අප අධෛර්යයට පත් වූ විට, දෙවියන්වහන්සේට අප කෙරෙහි සැබෑ හැඟීම් ඇති බව මතක තබා ගැනීම හොඳය. උන්වහන්සේ – සීතල, දුරස්ථ දෙවි කෙනෙකු නොව, නමුත්, අපට ප්‍රේම කරන හා අප කෙරෙහි සතුටු වන දෙවියන්වහන්සේය. උන්වහන්සේ වෙත ළං වීමෙන්, උන්වහන්සේගේ සිනහව දැනීමට සහ උන්වහන්සේගේ ගායනයට සවන් දීමට මේ කාලයයි.