මැඩලීන් ලෙන්ගල්, සතියකට වරක් තම මව ඇමතීමට පුරුද්දක් කර ගෙන සිටියාය. ඇගේ මව වයස්ගත වන විට, මෙම ප්‍රේමණීය අධ්‍යාත්මික ලේඛකයා නිතර නිතර ඇයට කතා කළේ “සම්බන්ධතාවය පවත්වා ගැනීමට පමණි” කියාය. එලෙසම මැඩලීන් ආශා කළේ තම දරුවන්ද තමන් අමතමින් එම සම්බන්ධතාවය පවත්වා ගැනීමය. සමහර විට එය සැලකිය යුතු ප්‍රශ්න සහ පිළිතුරු වලින් පිරුණු දිගු සංවාදයක් විය. වෙනත් අවස්ථාවලදී අංකය තවමත් වලංගු බව තහවුරු කර ගැනීමේ ඇමතුමක් පමණක් විය. ඇය, “ජලය මත ඇවිදීම” යන කෘතියේ ලියා ඇති පරිදි, “දරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වීම හොඳය. එසේම, අපි සෑම දරුවෙක්ම අපගේ පියාණන් සමඟ සම්බන්ධව සිටීම හොඳයි” කියා ඇය පැවසුවාය.

මතෙව් 6:9-13 හි දැක්වෙන ස්වාමීන්ගේ යාච්ඤාව අපගෙන් බොහෝ දෙනෙකුට හුරු පුරුදුය. නමුත් ඊට පෙර ඇති පදද ඒ හා සමානවම වැදගත් වන්නේ ඒවා පසුව සඳහන් දේ සඳහා මග පෙන්වීමක් ලබා දෙන බැවිනි. අපගේ යාච්ඤාවන් ප්‍රදර්ශනාත්මක වීමට එනම්, “අන් අයට දැකීමට” (5 පදය) නොවිය යුතුයි. තවද අපගේ යාච්ඤා කොපමණ දීර්ඝ විය යුතුද යන්න පිළිබඳ සීමාවක් නොමැති අතර, “බොහෝ වචන” (7 පදය) යෙදීමෙන් එය ගුණාත්මක යාච්ඤාවකට සමාන නොවේ. “අපි, උන්වහන්සේගෙන් අසන්නට පෙර” (8 පදය) අපගේ අවශ්‍යතා දන්නා අපගේ පියාණන් සමඟ නිරන්තර සම්බන්ධතා පැවැත්වීම අවධාරණය කර ඇති බවක් පෙනේ. අපි අපේ පියාණන් සමඟ සම්බන්ධව සිටීම කොතරම් හොඳද කියා යේසුස්වහන්සේ අවධාරණය කරන සේක. ඉන්පසු අපට මෙසේ උපදෙස් දෙයි: “එසේ නම්, ඔබ යාච්ඤා කළ යුතු ආකාරය මෙයයි” (9 පදය).

යාච්ඤාව හොඳ, අත්‍යවශ්‍ය තේරීමක් වන්නේ, එය අප සියල්ලන්ගේම දෙවියන්වහන්සේ සහ පියාණන් සමඟ අපව සම්බන්ධ කරන බැවිනි.