එය ඔබට අවදි විය නොහැකි සිහිනයක ජීවත් වීම වැනි ය. සමහර විට නැවත තේරුම් ගැනීමෙන් හෝ නැවත පුද්ගලිකරණය කිරීමෙන් හෝ බොහෝ විට දැනෙන්නේ තමන් අවට කිසිවක් සැබෑ නොවන බවයි. නිදන්ගතව මෙම හැඟීම ඇති අයට ආබාධයක් ඇති බව හඳුනාගත හැකි වුවද, එය පොදු මානසික සෞඛ්‍ය අරගලයක් ලෙස විශ්වාස කෙරෙන්නේ, විශේෂයෙන් ආතති සහගත කාලවලදීය. නමුත් සමහර විට ජීවිතය යහපත් බව පෙනෙන විට පවා මෙම හැඟීම දිගටම පවතියි. හරියටම යහපත් දේවල් සිදුවෙන බව අපේ මනසට විශ්වාස කිරීමට නොහැකි බවක් පෙන්නුම් කරයි.

දෙවියන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේගේ බලය සහ විමුක්තිය, සිහිනයක් ලෙස නොව, සැබෑ දෙයක් ලෙස අත්විඳීමට සමහර අවස්ථාවලදී කරන අරගල ගැන දේව වචනය විස්තර කරයි. ක්‍රියා 12 හි සටහන් කර තිබෙන පරිදි, දේවදූතයෙක් පේත්‍රැස් සිරගෙයින් සහ සිදුවිය හැකි මරණීය දණ්ඩනයෙන් නිදහස් කරන විට (2:4 පදය) – අපෝස්තුළු වරයා විස්මයට පත් වූ බව විස්තර කරන අතර, එය සැබවින්ම සිදු වූ බව විශ්වාස කිරීමට පවා ඔහු අපොහොසත් විය (9-10 පද). දේවදූතයා ඔහුව සිරගෙයින් පිටත හැර ගිය විට, පේත්‍රැස් අවසානයේ “සිහි ලැබූ” අතර, ඒ සියල්ල සැබෑ බව වටහා ගත්තේය (11 පදය).

අයහපත් කාලවලදී සහ යහපත් කාලවලදී, දෙවියන්වහන්සේ අපගේ ජීවිත තුළ සැබවින්ම ක්‍රියා කරන බව සම්පූර්ණයෙන්ම විශ්වාස කිරීමට හෝ අත්දැකීමට අපහසු විය හැකිය. නමුත් අපි උන්වහන්සේ කෙරෙහි බලා සිටින විට, උන්වහන්සේගේ උත්ථානයේ බලය යම් දිනක නිසැකවම, පුදුමාකාර ලෙස සැබෑ වනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය. දෙවියන්වහන්සේගේ ආලෝකය අපගේ නින්දෙන් උන්වහන්සේ සමඟ ජීවිතයේ යථාර්ථයට අපව අවදි කරනු ඇත (එපීස 5:14).