උදෑසන සෙනඟ දුම්රියට ගලා එන ආකාරය දෙස බලා සිටියදී මගේ සිතට සඳුදා උදෑසන ඇති වන ඍණාත්මක හැඟීම් ඇතුල් විය. තදබදයෙන් පිරුණු දුම්රිය මැදිරියේ සිටි අයගේ නිදිබර, ගොරහැඬි මුහුණුවලින්, කිසිවකු රැකියාවට යාමට බලා නොසිටි බව මට පැවසිය හැකි විය. ඇතැමුන් ඉඩ සෙවීමට පෙළඹෙමින්ද තවත් සමහරු ඇතුළට මිරිකී යෑමට උත්සාහ කරමින්ද සිටියෝය. මෙන්න නැවතත්, කාර්යාලයේ තවත් ඒකාකාරී කාර්යන් වලින් පිරිණු දවසකට මුහුණ දීමක්.

කෝවිඞ් -19 හේතුවෙන් අපගේ දෛනික චර්යාවන් අවුල් කළ නිසා වසරකට පෙර දුම්රියන් හිස්ව තිබුණ බව මට එකෙණෙහි වැටහුණි. අපිට කෑම වේලක් ගන්නවත් එළියට යන්න බැරි වූ අතර, සමහරුන්ට රැකියාවන් වලටත් යෑම අතපසු විය. නමුත් දැන් අපි සාමාන්‍ය තත්ත්වයට පත් වී සිටින්නෙමු. බොහෝ දෙනෙක් සුපුරුදු පරිදි නැවත රැකියාවන් වලට යන්නෝය. “දින චර්යාව” හොඳ ආරංචියක් බවටත්, “වෙහෙසට පත් වීම” ආශීර්වාදයක් බවටත් මම තේරුම් ගත්තෙමි.

සාලමොන් රජු ද ඒ හා සමාන නිගමනයකට පැමිණියේ දෛනික වෙහෙසෙහි තේරුමක් නැති බව මෙනෙහි කිරීමෙන් පසුවය (දේශනාකාරයා 2:17-23). සමහර අවස්ථාවලදී, එය නිමක් නැති, “නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ” (21 පදය). නමුත් සෑම දිනකම කෑම අනුභව කිරීමටත්, බීමට සහ වැඩ කිරීමටත් හැකිවීම දෙවියන්වහන්සේගේ ආශීර්වාදයක් බව ඔහු තේරුම් ගත්තේය (24 පදය).

අපට දින චර්යාව අහිමි වූ විට, මෙම සරල ක්‍රියාවන් සුඛෝපභෝගී බව අපට පෙනේ. අපට කන්න, බොන්න, සහ අපගේ වෙහෙස මහන්සි වී කරන කාර්යන් තුළින් තෘප්තිමත් විය හැකි හෙයින් අපි දෙවියන්වහන්සේට ස්තුති කරමු, මන්ද මෙය උන්වහන්සේගෙන්වූ තෑග්ගයකි (3:13).