මම ඔලිම්පික් තරඟයේ තරඟ කරයිද? විශ්ව විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩිකාව කනස්සල්ලට පත් වූයේ ඇගේ වේගය ඉතා අඩු නිසාය. නමුත් ගණිත මහාචාර්ය කෙන් ඔනෝ ඇගේ පිහිනුම් ශිල්පීය ක්‍රම අධ්‍යයනය කළ විට, ඔහු ඇගේ කාලය සම්පූර්ණ තත්පර හයකින් වැඩි දියුණු කරන්නේ කෙසේදැයි දුටුවේය. එය තරඟ මට්ටමේ සැලකිය යුතු වෙනසක්ය. පිහිනුම්කරුගේ පිටට සංවේදක ග්‍රාහක උපකරණ ඇමිනීමෙන්, ඇයගේ කාලය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රධාන වෙනස්කම් ඔහු හඳුනා නොගත්තේය. ඒ වෙනුවට, මහාචාර්ය කෙන් ඔනෝ, කුඩා නිවැරදි කිරීමේ ක්‍රියාවන් හඳුනා ගත් අතර, එය යෙදුවහොත්, පිහිනුම්කරු ජලයේ වඩාත් කාර්යක්ෂම කළ හැකි බවත්, ජයග්‍රාහී වෙනස ඇති කර ගත හැකි බවත් දැන ගත්තේය.

අධ්‍යාත්මික කාරණාවලදී කුඩා නිවැරදි කිරීමේ ක්‍රියා අපටද විශාල වෙනසක් ඇති කළ හැකිය. ඔවුන්ගේ වහල්භාවයෙන් පසු දෙවියන්වහන්සේගේ මාලිගාව නැවත ගොඩනැඟීමට අධෛර්යට පත් යුදෙව්වන් සුළු පිරිසකට සහ ඔවුන්ගේ ගොඩනඟන්නා වූ සෙරුබ්බාබෙල් අරගල කරද්දී ඒ හා සමාන ප්‍රතිපත්තියක් අනාගතවක්තෘ සෙකරියා ඔවුන්ට ඉගැන්වීය. “එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්” යැයි සර්වබලධාරී සමිඳාණන්වහන්සේ සෙරුබ්බාබෙල්ට පැවසූ සේක (සෙකරියා 4:6).

සෙකරියා ප්‍රකාශ කළ පරිදි, “කුඩා දේවල දවස හෙළා දැක්කේ කවුද?” (10 පදය). සාලමොන් රජුගේ පාලන සමයේදී ඉදිකරන ලද දේවමාලිගාව හා සමානව දේවමාලිගාවක් සාදා ගැනීමට නොහැකි බව දැනගත් මෙම යුදෙව්වන් සුළු පිරිස කනස්සල්ලට පත්ව සිටියහ. නමුත් ඔනෝගේ පිහිනුම් ක්‍රීඩිකාව කුඩා නිවැරදි කිරීම්වලට යටත් වීමෙන් පසු පදක්කමක් දිනා ගැනීමට ඔලිම්පික් ක්‍රීඩාවේ තරඟ කළා සේම අපගේ කුඩා ක්‍රියාවන් උන්වහන්සේව මහිමයට පත් කරන්නේ නම්, දෙවියන්වහන්සේගේ උපකාරයෙන් කරන කුඩා, නිවැරදි වෑයමකින් පවා ජයග්‍රාහී ප්‍රීතිය ගෙන දිය හැකි බව “සෙරුබ්බාබෙල්ගේ ගොඩනඟන්නන්ගේ” කණ්ඩායම ඉගෙන ගත්හ. දෙවියන්වහන්සේ තුළ, කුඩා දේ පවා, විශාල වෙයි.