“තාත්තා මට මල් එවූ නිසා තාත්තා ගෙදර එන බව මම දනිමි”. යුධ සමයේදී තාත්තා අතුරුදහන් වූ විට මගේ හත් හැවිරිදි සහෝදරිය අපේ මවට පැවසූ වචනයි ඒ. තාත්තා ඔහුගේ මෙහෙයුම සඳහා පිටත්ව යාමට පෙර, ඔහු මගේ සහෝදරියගේ උපන්දිනය සඳහා කලින්ම මල් ඇණවුම් කර තිබූ හෙයින් ඔහු අතුරුදහන්ව සිටියදී මෙම මල් පැමිණියේය. නමුත් ඇය නිවැරදි විය: නමුත් දරුණු සටන් තත්ත්වයකින් පසුව තාත්තා ගෙදර පැමිණියේය. දශක ගණනාවකට පසු, ඇය තවමත් බලාපොරොත්තු තබා ගැනීමට මතක් කිරීමක් ලෙස එදා මල් රැඳවූ බඳුන තබා ගෙන සිටින්නීය.

බිඳුණු, පව්කාර ලෝකයක සමහර අවස්ථාවලදී බලාපොරොත්තු තබා ගැනීම පහසු නැත. තාත්තලා නිතරම ගෙදර පැමිණෙන්නේ නැත, දරුවන්ගේ ආශාවන් සමහර අවස්ථාවලදී ඉටු නොවන්නේය. නමුත් දෙවියන්වහන්සේ වඩාත් දුෂ්කර තත්ත්වයන් තුළ බලාපොරොත්තුව ගෙන දෙන සේක. තවත් යුධ සමයක දී, අනාගතවක්තෘ හබක්කුක් යුදාහි බබිලෝනීය ආක්‍රමණය ගැන අනාවැකි පළ කළේය (හබක්කුක් 1:6; 2 රාජාවලිය 24 බලන්න) නමුත් දෙවියන්වහන්සේ තවමත් යහපත් බව තහවුරු කළේය (හබක්කුක් 1:12-13). අතීතයේදී දෙවියන්වහන්සේ තම සෙනඟට දැක්වූ කරුණාව සිහිකරමින් හබක්කුක් මෙසේ ප්‍රකාශ කළේය: “මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි” (3:17-18).

සමහර විචාරකයින් විශ්වාස කරන්නේ හබක්කුක් යන නමේ තේරුම “ඇලී සිටීම” යන්නයි. පීඩා වලදී පවා අපගේ අවසාන බලාපොරොත්තුව සහ ප්‍රීතිය ලෙස දෙවියන්වහන්සේට ඇලී සිටිය හැක්කේ උන්වහන්සේ අපව අල්ලාගෙන සිටින නිසාත් කිසි විටෙකත් අත් නොහරින නිසාත්ය.